(අංජුල මහික වීරරත්න)

දවසේ වෙඩිල්ල නැවැත්තුවා යැයි  කිව්වත් දැන් ජනාධිපතිගෙ ගෙදර ළඟත්   ඝාතන සිදුවෙන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"පහුගිය කාලේ  ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා.

ඒත් එහෙම දෙයක් පේන්න නෑ.

 ජනාධිපතිවරයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා නීතිඥවරයෙක් ඝාතනය කරලා යන්න පුළුවන් නම්  පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව කුමන කතාදැයි රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

" පහුගිය කාලේ මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා.ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥ වරයෙක්ට උසාවිය ලඟදී පහර දුන්නා" යනුවෙන්ද නාමල්  රාජපක්ෂ මහතා කීය.