
(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (01) සිට ආරම්භ කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.
මෙම සේවාව මගින් ගුවන්තොටුපළට පැමිණෙන සහ ගුවන්තොටුපළෙන් පිටවන මගීන්ට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇත. ගමන් ගාස්තුව රුපියල් 410ක් වන අතර, ගමන් කාලය මිනිත්තු 50ක් පමණ වේ.
උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd