
(ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
ප්‍රධාන පෙලේ විදුහලක බුද්ධ ධර්මය විෂය උගන්වන හිමිනමක් අයිස් මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඌරගස්මන්හන්දිය පොලිසියට ලැබුන තොරතුරක් අනුව අලුත්ගම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් පෙරේදා සවස 6.30ට පමණ නවතා පරික්ෂා කිරිමේදි එහි සිටි භික්ෂුව සන්තකයේ තිබි අයිස් මිලිග්‍රෑම් 1315ක්ද රියදුරු සන්තකයේ තිබි අයිස් මිලිග්‍රෑම 1305ක්ද සොයාගෙන ඇත.
සැකකාර භික්ෂුව කලුතර දකුණ බෝම්බුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 39 හැවිරිදි අයෙකි.
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෙම භික්ෂුව විදුහලක බුද්ධ ධරමය උගන්වන ගුරුවරයකු වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 20වනදින ද අයිස් මිලිග්‍රෑම් 1305 සන්තකයේ තබා ගැනිමේ වරදට වීරවිල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අයෙකු බවය.
අත් අඩංගුවට ගෙන ඇති රියදුරු නවදගල හිපන්කන්ද පදිංචි සැලුන් ආයතනයක් පවත්වාගෙන යන 39හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd