(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන්  බහාලුම්  323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ගම්මන්පිල මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණු බව  එම කාරක සභාව පවසයි.

මේ අතර නීතිඥ නාගානන්ද  කොඩි තුවක්කු මහතාගෙන්ද කමිටුව  ඉදිරි දිනවල  ප්‍රකාශයක් සටහන් කර ගැනීමට  නියමිතය.

ඔහුද  කන්ටේනර්  සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කරුණු ගණනාවක් අනාවරණය කර ඇති  අයෙකි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.  කමිටුව පළමුවරට රැස්වන දිනයේ සිට මාස තුනක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතය.