
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තන්ගේ සමීපතමයෙකු රුපියල් කෝටි 03 කට අධික වටිනා කිලෝ 03 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03, ග්‍රෑම් 16 ක්, ජංගම දුරකථනයක්, තරාදි 02 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේ දී ක්ෂණික මාර්ග බාධකයක් යොදා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලින් පසු මෙම අයිස් මත්ද්‍රවය හා සෙසු උපකරණ සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd