
(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබියදී බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය කියයි.
අද (26) දින අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍ර දේශයේ දීය.
ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනිමට උත්සහ කිරිමත් සමග බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කළ බවත්, එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත විම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බව එම බස් රථයේ රියදුරු වන මහේෂ් සුදර්ශන් (49) නම් තිදරු පියා කියා සිටියේය.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන ඇත.
.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බස් රථවල තිරිංග පද්ධතිය මෙතරම්ම දුර්වලද? වසරකට මෙවැනිම කතා කීයක් අහන්න ලැබෙනවද? නඩත්තුව දුර්වල කමද නැතිව නිශ්පාදන දෝසක්ද? බස් නිශ්පාදකයාට යොමුකර විසඳුමක් හොයන්න බැරිද?