
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද (25) කොල්ලුපිටිය ආර් ඒ ද මෙල් මාවතේ සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාර 15 ක් පමණ එම දෙසට එල්ල කර ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම විද්‍යාලයේ ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට කොල්ලූපිටිය පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
අලුයම 02.35 ට පමණ යතුරු පැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකුු පැමිණ පිටුපස අසුනේ සිටි පුද්ගලයා එකවරම ගිනි අවියකින් එම ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු සීසීටීවි කැමරාවක සටහන්ව ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ආවා වුණාට වෙඩි තැබීම් වලින් නම් අඩුවක් නෑ...
කුඩා දරුවන් පවා මේවා නිසා කම්පනයට පත්වෙනවා.. මේ අය පාතාලෙන්ද ඇවිල්ලා තියෙන්නේ?
වීරයින් වෙන්න දගලන මෝඩයින් දෙන්නෙක්...
මෙයාලා වෙඩි තියනකන් පොලිසිය නිදාගෙනද හිටියේ?