
(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල රුපියල් 125 කින් ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) පැවසීය.
ඒ අනුව කිලෝග්රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් සහ ග්රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (20) දින සිට ඇසුරුම් කරන කිරිපිටි පැකට්ටුවලට සිට ක්රියාත්මක බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු කීය.
කිලෝග්රෑම් එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 3,000 ක් ද, ග්රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,200 ක් ද, බව පත්වන බව කී එම සාමාජිකයා ඇතැම් සමාගම් මෙම මිලට වඩා රුපියල් 100 ක පමණ අඩු මිලකට අළෙවිකරන අවස්ථා ද ඇති බව ද සඳහන් කළේය.
විනිමය අනුපාතවල ඉහළ යෑම සහ වෙළෙඳපොළ තත්වය පිළිබඳව අවදානය යොමුකර මෙම මිල ඉහළ දැමීමේ තීරණය ගත් බවත් කිරිපිටි නව මිලට වෙළෙඳපොළට අඛණ්ඩව නිකුත් කරන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ, කිරි බීලා හමාරයි...
හරිම හොද තීරණයක්... අපිට හරිම සතුටුයි. තවත් ටිකක් වැඩි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පුන්නක්කු වල ගණන් අහලා ගියොත් තමයි අපිට තේරෙන්නේ... කිරි ගණන් ගියාට කමක් නෑ.
ලෝකයම විනාශයි. මේ යුද්දෙ ඉදිරියට ඇදුනොත්.., හරේ මෝදිත් අපි වගේම අමාරුවේ වැටිලා...
මාලිමා වස්සා අකුරු කියවන්න පුළුවන් නම්, කන් ඇහෙනවා නම් අපේ රට පමණක් නොවෙයි, ඉන්දියාව පාකිස්තානය බංගලාදේශය, වියට්නාමය ඇතුලු ලෝකයේ සෑම රටකම තත්වය මෙයයි, මෙම යුද්ධයයි. මෙයට හේතුව, කිසිම රටකට මේ අර්බුදයට චෝදනා කිරීම වැරැදියි. සජිත් ආවත් මේකම තමයි, හැබැයි හොරකම නම් ඉහවහා යයි...