
(අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති 290 ක් අතරින් 287 ක සංවර්ධන කටයුතු අවසන් කිරීමට ඉකුත් වසරේ මාස හයක් වැනි කාලසීමාවකදී රජයට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය වෙන් කළ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව යොදා ගනිමින් නියමිත කාලයේ එම සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ජනතාවට එම සංවර්ධනයේ ප්රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර අගලවත්ත මුලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ෙරෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති අතර මුලික ප්‍රතිකාර ඒකකය වාට්ටු සංකීරණයට සම්බන්ධ කරන ප්‍රධාන කොරිඩෝව සහ ලේඛණාගාරය ප්‍රධාන වූ අතර, මීට අමතරව අභිනව ව්‍යාපෘති ලෙස රෝහලේ ප්‍රධාන පිවිසුම හා ආරක්ෂක කුටිය ඇතුළු ඉදිකීරීම් කිහිපයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd