
(අමදෝරු අමරජීව)
ත්රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින බලංගොඩ කස්සප හිමි ප්රමුඛ භික්ෂුන් වහන්සේ සිව්නම සහ සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීට ටික වේලාවකට කලින් අධිකරණයට රැගෙන ආවේය.
ඉකුත් 19 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්රිකුණාමලය වරාය පොලීසිය ප්රතික්ෂේප නිසා සැකකරුවන් අද දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
ත්රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd