(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රැපියල් කෝටි තුනක නාස්තියක් සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් පැවැත්වෙන හෙයින් තනතුරෙන් ඉවත් වී සභාවේ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(18) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
කතානායකවරයා මේ ස්ථානයේ කටයුතු කිරීමට බලයක් නැතැයි පැවසූ ජයසේකර මහතා එම විමර්ශන වාර්තාව සභාගත කළේය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
කතානායකවරයා පිළිබඳව රහස් තොරතුරු මාධ්‍යයට හෙළිදරව් වීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව මගේ ළඟ තියෙනවා. කතානායක ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. කෝටි තුනක නාස්තියක් ගැන කතානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තියෙනවා. මේ වාර්තාව මම සභාගත කරනවා. අද කතානායකතුමාට මෙතන ඉන්න බැහැ. ඉහළින් නීතිය නැහැ. එතුමා පොඩ්ඩක් අයින් වෙලා මෙතන වැඩ කරන්න ඉඩ දෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd