
(මනෝප්රිය ගුණසේකර)
මුදල් ලබාගෙන ගුවන් සේවය ලබානොදී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකට ගුවන් සමාගමක් වන ‘කටාර් එයාර්වේස්’ ගුවන් සේවයට එරෙහිව ගුවන් ටිකට්පත් ආයතනයක් විසින් කොටුව පොලිසියට පැමිණීලි කර ඇත.
කොළඹ සිට ලන්ඩන් නුවරටද ලන්ඩන් නුවර සිට කොළඹටද යෑම්-ඊම් සඳහා ‘කටාර් එයාර්වේස්’ ගුවන් සේවයෙන් ගුවන් ටිකට්පත් ලබාගත් මගීන්ට ඉරානයේ යුධ තත්වයක් උද්ගතව ඇති බව පවසමින් සේවා සැපයීමෙන් වැළකී ඇති අදාල ගුවන් සමාගම ඒ සඳහා අයකළ මුදල් මාස දෙකක කාලයක් ගතවී ඇතත් ආපසු ගෙවා නැතැයි කියමින් ධනාටා ටැවලස් ආයතනය විසින් මෙලෙස පැමිණීලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවය සැපයීමට නොහැකි වී නම් තමන්ගෙන් අයකළ මුදල් ආපසු ගෙවන ලෙස ‘කටාර් එයාර්වේස්’ ගුවන් සේවයෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළත් අදාළ මුදල් ගෙවීම හිතාමතාම පමා කරන බව පවසන පැමිණීලිකාර ධනාටා ටැවලස් ආයතනය එය මුදල් වංචා කිරීමක් මෙන්ම අයථා අත්පත් කර ගැනීමක් බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd