IMG-LOGO

එක වගේ දෙන්නෙක් - පේෂල සමග සමන්

2016-11-11-ent-112

රසිකයාගේ රසිකත්වය තීන්දු කරන්නේ කිසිම රස වින්දනයක් නැති පිරිසක්

පේෂල මනෝජ්


අපිට ඉදිරියට පවතිනවානම් පවතින තීරණාත්මක සාධකය අනෙකාට ගෞරව කිරීම පමණයි

සමන් ලෙනින්

 

2016-11-11-ent-116 2016-11-11-ent-115තමන් ලත් සංගීත දැනුම තවත් පරම්පරාවක් වෙත ලබාදෙමින් සිටින ඔවුන් හරවත් සංගීත නිර්මාණද සංගීත ක්ෂේත්‍රයට එක්කර හමාරය. සංගීත නිර්මාණකරණයට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින පේෂල හා ජනසංගීතය ඇසුරින් නිර්මාණකර සම්මාන ලබාගත් සමන් ලෙනින් මෙවර "එක වගේ දෙන්නෙක්" එක්වූහ.

 

ජන සංගීතය වර්තමාන පරම්පරාවේ නිර්මාණවලට යොදා ගන්නා ආකාරය පිළිබඳ අදසින්ම අපි මේ කතාව පටන්ගමු.

පේෂල

ලංකාවෙ ජන සංගීතය අතීතයේ වැඩි වශයෙන් යොදා ගත්තා. අද පුංචි ජන සංගීත කාණ්ඩයක් භාවිත කරලා කියනවා මේක ජන සංගීතය ආශ්‍රයෙන් වුණ නිර්මාණයක් කියලා. අද ගත්තත් පාසලක වැඩසටහනක හරි, රියලිටි තරගයක හරි කියන්න තියෙන්නේ සීමිත ගීත ටිකක් විතරයි. මම හිතන විදියට මාධ්‍යයෙන් ඒවට ඉඩක් ලැබෙන්නෙත් නෑ.

සමන්

නිර්මණයක් කළාම ඒක සමාජයට භාර දීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා. දැන් බස්වලින් පවා මිනිසුන්ට සමීප කරන්නේ ගෝෂාකාරී සංගීතයක්. දැන් මිනිසුන් අතරට කලාකරුවෙක්ට යන්න තියෙන තැන් පවා අවභාවිත වෙලා. රටක සංස්කෘතික දායාදයක් තමයි ජන ගායනා කියන්නේ. ජන ගායනාවක් පාදක කරගෙන නිර්මාණයක් කරනකොට ජනකවිය ප්‍රතිනිර්මාණ හා නිර්මාණ නව මුහුණුවරකින් නැවත ගෙන ඒමට සිදුවෙනවා. ඒ වගේම නව නිර්මාණයෙනුත් එහාට ගිහින් කරන නිර්මාණත් තියෙනවා. ඒවා ජන මූලයකින් එන නිර්මාණ ලෙස හඳුන්වන්න බැරිකමකුත් නෑ. මාධ්‍යවල තීන්දු තීරණ ගන්න අයගේ මතිමතාන්තර සහ රස වින්දනය තමයි එයට බලපාන්නේ.

පේෂල

අද මාධ්‍යවල ප්‍රචාරය වන ගීත ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ලංකාවෙ ජන සංගීතය ඉගෙන ගෙන නිර්මාණයක් කළාට වැඩක් නැහැ. කවුරුත් අතින් වියදම් කරලා නිර්මාණ ළඟ තියන් ඉන්න කැමති නෑනේ. අද වෙලා තියෙන්නේ නිර්මාණශීලි මිනිස්සු අඩුවෙනවා. %සොෆ්ට්වෙයා^ එකෙන් තමයි ඔක්කොම කරන්නේ. මේ දිනවල යන නහයෙන් අඬන ගීතවලට ඇත්තටම කැමති නෑ. ඉන්දියාවෙ මොහොමඩ් රාෆි සහ ශිව කුමාර්, මන්නාඩ්, නවුෂාඩ් වැනි සංගීතඥයන් හිටියා. ඔවුන් නැති වුණා කියලා ඒ කර්මාන්තය වැටුණෙ නැහැ. සෝනු නිගම් එනකම් මල් වැඩ කරන්න ගියේ නෑ. ඒ ආර්. රහමාන් වැනි අය ජන සංගීතයත් ආශ්‍රය කරගෙන හොඳ නිර්මාණ කළා. මාධ්‍යවලින් ඉඩක් ලැබෙනවා. එය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කළා. අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. කරුමයකට සංගීතය දන්නෙත් නැති, අප්පුඩියක් ගහන්න දන්නෙත් නැති, ගායකයන් යැයි කියා ගන්නා පිරිසක් චැනල්වලට රිංගගෙන ඉන්නවා. ඒක කරුමේ.

 

ඒ කියන්නේ සංගීතය හැදෑරීමක් කරලා නිර්මාණ කරන අයට මේ තුළ එතරම් ඉඩක් නැද්ද?

පේෂල

මොනවද කරන්නේ. සමහර විට මේ තත්ත්වය තව ටික කාලෙකින් නැතිවෙලා යයි. ගුවන් විදුලි හා රූපවාහිනියට වඩා සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණෙමින් තිබෙනවා.

 

සමන්

ඉස්සරහට ඇත්තටම මේ දේවල් වෙනස් වෙලා සමාජ මාධ්‍ය ඉදිරියට එයි.

පේෂල

හොඳම උදාහරණය "ඉකිගසා හඬන" සින්දුව. ඒ ගීතය %සමනල සන්ධ්වනිය^ චිත්‍රපටය පැමිණියේ නැත්නම් ජීවිතේට අහන්න ලැබෙන්නෙ නෑ. මම ඒ ගීතය ඇහුවේ 2008දී. චිත්‍රපටයට නොගත්තනම්, ජීවිතේම මේ ගීතය වාදනය කරන්තෙ නැහැ. චැනල් එකක මියුසික් කන්ට්‍රොල් කියලා කෙනෙක් ඉන්නවනේ. ඔහුට ලොකු වගකීමක් තියනවා. එතන ඉන්නේ කිසිම රසඥතාවක් නැති කෙනෙක් නම්, එතන ප්‍රශ්නයක් තියනවා.

 

සමන්

ඔහු කෙනෙකුගේ රසවින්දනය හරිආකාරව හඳුනා ගත්ත පුද්ගලයෙකු වෙන්න ඕන. දැන් ඔහුගේ රස වින්දනය තමයි සමාජයට මුදාහරින්නේ.

පේෂල

ගොඩක් තැන්වල එහෙමයි. ලංකාවෙ එහෙම පොඩි කරුමෙකුත් තියනවා. ඒ කාලේ චිත්‍රපට කර්මාන්තය එතරම් දියුණු නම් විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකලාගේ කාලේ හොඳ සංගීතඥයන් හිටියා. සරත් දසනායක, කේමදාස මාස්ටර්, රොක්සාමි මාස්ටර් වැනි අය ඒ කාලේ කළ නිර්මාණ දැන් සිද්ධ වෙන්නෙ නැහැ. දැන් චිත්‍රපටවලට ගීත යන්නේ නැහැ. ගායකයාගේ හඬ නළුවාගේ කටහඬ සමග ගැළපෙන්නේ නැහැ. ඉස්සර ගාමිණි ෆොන්සේකා රංගනයේ යෙදෙන කොට, ජෝතිපාලගේ හඬට අපි හිතන්නේ ගාමිණි ෆොන්සේකාගෙම හඬ කියලා. ග්‍රේෂන් ආනන්ද සින්දු කියන කොට අපි දකින්නේ සනත් ගුණතිලක ගීතය කියනවා කියලා. දැන් එහෙම නෑ. අපේ වාණජ චිත්‍රපට එහෙම තැනක නැහැ. අපේ රටට වඩා ඉන්දියාව දියුණුයි. අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ චිත්‍රපට ගත්තත් ඒ තුළ චෙන්නායි ගතියක් තියනවා. අපේ චිත්‍රපටයක් බලද්දි ඒක විදේශ චිත්‍රපටයක් කියලා හිතෙනවා නම්, ඒක ප්‍රශ්නයක්.

 

ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ගැන කතා කළොත්, මේ මොහොත වෙද්දි වෙන්නේ ඒ අය ඉල්ලන දේ දෙන එකද?

2016-11-11-ent-114 2016-11-11-ent-113පේෂල

ඒක බොරැවක්. ඒක මාධ්‍යවේදින් පෙන්වන බොරැව. රසිකයාගේ රසිකත්වය තීන්දු කරන්නේ කිසිම රස වින්දනයක් නැති පිරිසක්. අපි බසයක මෙහෙ ඉඳන් මාතරට යනවා කියලා හිතමු. කොළඔ බස් එකට නැගලා යන්න බැහැ. මිනිස්සු යන්නේ ගොඩක් ප්‍රශ්න හිතේ තියාගෙන. එහෙම යන මිනිස්සුන්ට අහන්න තියෙන්නෙත් කන්කරච්චලයක් වෙන ගීත තමයි. සමහර මාධ්‍යවල චොකා කාරයන් මිනිසුන්ට වදයක් දෙන්නවා. අපි විදේශ රටවල යද්දි දකිනවානේ. ඒ රටවල මිනිසුන්ට මාධ්‍යය මේ තරම් වදදෙන්නේ නැහැ. මම අවුරුදු 9ක් ඉන්දියාවෙ හිටියා. ඒ රටේ මාධ්‍යය මෙහෙම නෑ. ^අද ඔයා ඇයි මට මෙහෙම කිව්වේ. ඔයා එන්න බෑ කිව්වනම් එන්නැතුව ඉන්නවනේ. මම ටවුන්හෝල්වලට ඇවිත් හිටගෙන හිටියනේ.^ මෙහෙම ගීතනේ තියෙන්නේ.

 

ජනප්‍රියත්වයට වඩා අද බලන්නේ ප්‍රසිද්ද වෙන්න?

පේෂල

අද හැමදේම සල්ලි. රිගින් ටෝන් කම්පැනිකාරයන් ටිකක් ඉන්නවා. ඔවුන්ට මේ රටේ කලාවක් වැඩක් නැහැ. මේ රටේ සංස්කෘතියට, කලාවට, හෙනගැහුණත් ඔවුන් කමක් නැහැ. බී.එම්.ඩබ්ලිව්. එකක් හරි මොනව හරි අරගෙන තමන්ගෙ එකවුන්ට් එකේ කෝටි ගාණක් දාගෙන තමන් ගැන හිතලා තමන්ගෙ බඩගින්න ගැන හිතලා සාමාජයට මොනව වුණත් කමක් නෑ කියලා හිතන පිරිසක් තමයි අද ඉන්නේ.

සමන්

අවාසනාවට ඔවුන් අතගහලා තියෙන්නේ කලාවට. ඒක තමයි වෙලා තියෙන්නේ.

 

මේ දේවල්වලට යම් වැඩ පිළිවෙළවල්, දේශපාලනික වශයෙන් ඇති කරන්නත් පහුගිය කාලයේ කතිකාවක් ඇතිවුණා?

පේෂල

දේශපාලනයේ ඉන්න අයටත් රසඥතාවයක් නැහැනේ. ඇමතිවරු, මන්ත්‍රීවරු සින්දු කියවා කියලා කියන්නෙත් ඔය අද තියන අදෝනාවක්මයි. සමන්

දේශපාලඥයන් තමන්ගෙ ගම්වල කරන ලොකුම මෙහෙවර තමයි මියුසිකල් ෂෝ තියන එක. ඒ මිනිසුන්ගේ රස වින්දනය කොතැනද තියෙන්නේ කියලා ඒ වගේ ෂෝ එකකට ගියාම බලාගන්න පුළුවන්. එතනට අපේ සහෘදයන් ගොඩනැගුනේ කාලානුරූපීව. මෙය ඉතා ඉක්මනින් වෙනස් විය යුතුයි. මිනිස්සු හරි අසරණයි. හැම ආණ්ඩුවක්ම කියනවා ඇයි සෙන්සර් බෝඩ් එකක් දාන්න බැරි කියලා. සංස්කෘතික අමාත්‍යාංශය මේ ගැන හිතන්න ඕන. රටක මිනිස්සු හිතන්නේ පතන්නේ කොහොමද කියන එකයි සංස්කෘතිය කියන්නේ. ඒ සංස්කෘතියේ ප්‍රධානම අංගය ආගම. ඒ ආගම එක්ක තමයි කලාව බිහිවෙන්නේ. ඒ ඔස්සේ බිහිවෙන සංගීතයට හොඳ තැනක් තියෙන්න ඕන. මේ තරම් වල්බුරු නිදහසක් නැහැ.

 

පේෂල

මට කිසිම පක්ෂග්‍රාහීකමක් නෑ. ඒ කතාව හරියටම හරි. මට තේරෙන කාලෙදි ඒ කියන්නේ එක්දහස් නවසිය අසූ ගණන්වල වගේ කාලෙදි කලාවට යහපතක් කළ කෙනෙක් විදියට මම දැකපු එකම නායකයා තමයි ප්‍රේමදාස මහත්තයා. යූ.එන්.පි.ද, ශ්‍රී ලංකාද නෙමෙයි, කලාව වෙනුවෙන් දෙයක් ඔහු කළා. ගුවන් විදුලියට හදන නිර්මාණවලට රටේ කෘෂිකර්මය, වගාව ගැන පවා දාන්න කිව්වා. ඒ වගේම ආදර ගීතවලටත් ඒ ගැන දාන්න කිව්වා. %සොඳුර මට සමුදෙන්න^ වගේ ගීත නිර්මාණය වුණේ ඒ අවකාශය තුළ. ඒ කාලේ මේ විදිහට කලාව වෙනස් වෙලා නෑ. සරසවිපාය තමයි මේ රටේ හොඳ ගුරුවරු හිටියේ. ළමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට වඩා හිටියා. ඒ වගේ ඒවත් දැන් නෑනේ. ජාතික උත්සවයක් තිබ්බත්, අපේ අය ඒකෙත් කියන්නේ සුද්දෝ සින්දු කියනවා වගේ.

 

සමන්

මාධ්‍යය හා කලාකරුවන් කියන්නේ සමාජයක වැදගත් කාර්යන් කරන දෙපිරිසක්. තාමත් අකර්මන්‍යනොවී මේ තුළම ඉන්න හේතුවක් තියනවා. අපිරිසිදු ජල බදුනක් තියනවා නම්, එයට අඛණ්ඩව පිරිසිදු ජලය පිරව්වොත් එක මොහොතක පිරිසිදු වතුර ලැබෙනවා. එය කුමන වෙලාවේද දන්නෙ නෑ. ඒ නිසා අපි නිර්මාණ කළ යුතුයි. අපි ඒ අරගලයේ ඉන්නවා. මම ගීත 178ක් ගායනා කරලා තියනවා. ඒත් ඒ ගීත මාධ්‍යය තුළින් ජනතාවට සමීප කරලා නැහැ.

 

පේෂල

මෙහෙමයි. අපේ පොඩි කරුමයක් තියනවා. සමන් ඔය ගීතය හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ සිදු කළා නම්, අද ඒ ගීතවලට හොඳ නිර්මාණ කියයි. ඒ කාලේ ඒ නිර්මාණවලට වටිනාකමක් දුන්නා. අපි ඉපදුන දා ඉඳන් අපිට තේරෙන කාලය වෙනකම්ම රට තුළ ප්‍රශ්න තිබුණා. දැන් ජීවිතේ සාමාන්‍ය විදියට පවත්වාගෙන යනවා. නමුත් යුද්ධය පැවති කාලයට වැඩිය අන්තකාලයක් වගේ හැඟීමක් මාධ්‍යය තුළින් අපේ ඔළුවට දාලා තියනවා. %සැළලිහිනි කොවුල් හඬ රැවුදෙන්නා^ කියන ගීතය හැමෝම කියනවා. මෙවැනි ගීතයක් අද නිර්මාණය කළොත් මාධ්‍යයවලින් කියයි මේක මොකක්ද මොන්ටිසෝරියකට ගිහින් දෙනවකෝ කියලා. අද ළමා ගීත ගත්තත් පරණ ගීත ටිකක් විතරයි තියෙන්නේ. පාසල් පද්ධතිය තුළත් නිර්මාණ රස වින්දනය ඒ ගැන ආකල්පමය වශයෙන් වෙනස් විදියට හිතන වැඩ පිළිවෙළක් ගැන කතා කරනවා?

 

පේෂල

මෙහෙමයි, අවුරුදු කීයෙදිද පාසල් පද්ධතියේ ඉන්දියන් කැසිකල් මියුසික් තියෙන්නේ. හැමදාම පාසල් තුළ සංවර්ධනයක් කතා කරනවා. අවුරුදු කීයක ඉඳන්ද ඒ ගැන කතා කරන්නේ. එහෙම වෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාලයේ වුණත් මේ ශිෂ්‍යයන් හදාරන පාඨමාලාවයි, සමාජයේ පවතින සංගීතයයි දෙකක්. ඒ නිසා ඒ ළමයි අනාතයි එළියට ගියාම. අපිත් මේ එක එක ටී.වී. වැඩසටහන් කරගෙන හිටියේ නැත්නම් අපිත් අනාතයි. මම අවංක ප්‍රශ්නයක් අහන්නම්, මමත්, සමනුත් මේ පවතින රටාව තුළ මොනවා හරි කරගෙන මෙහෙම හිටියේ නැත්නම්, මේ ආටිකල් එක අපි දෙන්නගෙන් ගන්නෑනේ. මම නිපුන් කළා. එම්.ඒ. එක කළා. ගුරුවරුන්ගේ ගෙවල්වල වළං හෝදහෝද ඉගෙන ගත්තේ. හොඳින් ඒ ගැන වසර ගණනක් ඉගෙන ගත්තා. ලංකාවට ආවම රස්සාවක් ලැබුණා. සමන් ලෙනිනුත් ගාල්ලේ ඉඳලා එක එක්කෙනාගේ දරදිය ඇදලා කොහොම හරි %සමන් ලෙනින්^ කියලා තැනකට ඇවිත් තියෙනවා. මේ නම් පැකේජ්වලට සල්ලි දීලා, සින්දු ගස්සලා හදපු නම් නෙමෙයි නේ. අපේ රටේ හොඳට ඉගෙන ගත්ත සුපිරි වැඩ කරන අය ඉන්නවා. ඒත් නිකන්වත් රූපවාහිනි වැඩ සටහනක් ඔවුන්ට දෙන්නේ නැහැ. අපිට ටෙලි නාට්‍යවලින්, වේදිකා නාට්‍යවලින්, මුද්‍ර නාට්‍ය, බැලේවලින් එහෙම ගීත නිර්මාණය වුණා. බයිලා කලාව කියලා නිහාල් නෙල්සන්ලා, එම්.එස්.ප්‍රනාන්දු මහත්මයලගේ බයිලා ගීත වෙනම ආවා. පුන්සිරි සොයිසා, ප්‍රියා සූරියසේනගේ ගීත වෙනම ආවා. ජෝතිපාල මහත්තයලා චිත්‍රපටවල ගීත ගායනා කරලා වෙනම ගීත නිර්මාණය වුණා. අද මොකද වෙන්නේ.

 

සමන්

මම ඉස්සරහට අවුරුද්දේ මාස දොළහ සමරනවා. ගයා රම්‍ය අල්විස්, මහින්ද කුමාර දලුපොත, රජී වසන්ත වෙල්ගම යන කීපදෙනා එක්ක මාසෙ පෝයට ගීතයක් නිර්මාණය කරනවා.

පේෂල

මම අකුරුස්සේ අභිමංසලට ගියා. එහි ඉන්නේ ආබාධිත තරුණයන් දැක්කම හිතන්න ඒ අය ගැන අපි දැන් කතා කරනවද? මම හදපු නිර්මාණයක් තියනවා ඒ අය කළ දේ ඇගයීමට ලක්කරන ගීතයක්. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා නෑ. ඒක හැමෝටම අදාළයි.

 

සමන්

අපිට ඉදිරියට පවතිනවානම්, පවතින තීරණාත්මක සාධකය අනෙකාට ගෞරව කිරීම පමණයි. අතීතය යළි යළි සිදුවෙනවා. එකම දේ අනෙකාගේ හැඟීම් ඉවසන්න පුරුදු වීම. නැත්නම් ප්‍රශ්න විතරයි ඉතුරු වෙන්නේ. ලෝකේ හැම රටකම යුද්ධයක් ඉවර වුණාට පස්සේ පශ්චාත් යුද සාහිත්‍ය කියලා දෙයක් නිර්මාණය වුණා. අපේ රටේ අවාසනාවට පශ්චාත් යුද සාහිත්‍යයට රජයකින් වෙන්න ඕන දේ සිදු වුණේ නැහැ. ඒක රජයක් තීරණය කරන්න පවා බලපෑවා.

 

පේෂල

මේ රටේ ආදර ගීත වගේම වෙනත් නිර්මාණත් කරන්නත් ඕන. 2017 මම කරන නිර්මාණෙත් එහෙමයි.

 

අවසන් වශයෙන් සංගීත කේෂත්‍රයට යොමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසට කියන්න තියෙන්නේ මොකක්ද?

සමන්

මියුසික් කරනවා නම් රටේ සංස්කෘතිය ගැන දැන ගන්න ඕන. ඒ රටේ සංස්කෘතිය ගැන සවිඥානික විය යුතුයි. සංස්කෘතිය තුළින් අනාගතය බැලිය යුතුයි. කලාකරුවෙක් බිහිකරන්න සමාජයකට අමාරුයි. ඒක දායාදයක් ලෙස මම දකින්නේ කලාකරුවාටත් යුතුකමක් තියනවා. මේ රටේ සංස්කෘතිය භාෂාව හදාරා තියෙන්න ඕන. ඒ වගේම ඒ දේවල් දැනෙන කෙනෙක් මාධ්‍යවල නිර්මාණ තීරණය කරන පුටුවලට යන්න ඕන.

 

පේෂල

සමන් කිව්ව කාරණාවට මමත් එකඟයි. කලාව කියන විෂය ලේසි නෑ. මේ ක්ෂේත්‍රයට එන කෙනෙක්ට කියන්නේ කොම්පියුටර් එකට පින්සිද්ධ වෙන්න මේ විෂය හදාගන්නවා. රිගින් ටෝන් දානවා කියලා සල්ලි හම්බකරනවා කියලා හිතන් මේක කරන්න එපා. කලාවට දෙයක් කරනවා කියලා හිතන් කරනවා නම්, එහි ප්‍රතිඵලය ලැබෙනවා. මොනම රටකවත් උන් උන්ගේ සංස්කෘතිය නැති කරගත්තෙ නෑ. අද අපේ රටේ එහෙම දෙයක් වෙලා නැහැ.

 

නිදුක් මදුෂික/ජායාරූප -ශමීර රාජපක්ෂ

 

2016-11-11-ent-111
2016-11-11-ent-110
2016-11-11-ent-109
2016-11-11-ent-108



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - පේෂල සමග සමන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site