(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

උසාවියට පැමිණෙන කුමන තරාතිරමක අයෙකු වුණත් සියලු දෙනාට ගෞරවයෙන් සලකන්නැයි අමාත්‍යවරයා කීය.

අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට  සහභාගී වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව  අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.