
ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි.
ඉරානය ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමට තමන් සමග එක් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සෙසු බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබේ. මේ අයුරින් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීම් සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ඉරානය ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමට තමන් සමග එක් වෙන්නැයි ජනාධිපති ට්රම්ප්, සෙසු බටහිර රටවලින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් ඉරානය සෙසු බටහිර රටවලට දන්වා ඇත්තේ, ඇමෙරිකාව සමග එක් වී තමන්ට එරෙහිව සම්බාධක පනවන ඕනෑම රටක් තම සතුරකු ලෙස සලකන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අනික් බටහිර රටවල් මිතුරෝ, හොඳ මිතුරෝ.
ඇයි අනිත් අරාබි රටවල් විනාශ කරලා ඒ රටවල්වල තියෙන තෙල් ටික අරගත්තා වගේ ඉරානයට කරන්න බැරි වුණාද? කාලකන්නි ට්රම්ප් ලෝකෙටම සාපයක්.