
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් ඉරාන වැසියන් 1,444 දෙනකු මියගොස් ඇතැයි ඉරාන සෞඛ්‍ය අමත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ඉරාන වැසියන් ගණන 18,551 කි.
මියගිය සහ තුවාල ලැබූ වැසියන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය. මාස 8 ක බිලිඳකු ද ඒ අතර සිටින බව පැවැසෙයි.
ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය කාන්තාවන් ගණන 200 කි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරාන ඉස්ලාමීය පාලනය පෙරළා දැමීමේත්, එරට න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමේත් අරමුණින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.
ඇමෙරිකා සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට ඔවුන් ඉරානයේ ඉලක්ක 7,000 කට ප්‍රහාර එල්ල කර ඇත.
පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව ඉරානයේ මිනාබ් පළාතේ බාලිකා පාසලකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, එම ප්‍රහාරයෙන් බාලිකාවෝ 168 ක් මියගියහ.
සෞඛ්‍ය සේවකයන් 55 දෙනකු ද ඇමෙරිකා ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇතැයි පැවැසෙයි. එම පිරිස අතරේ, වෛද්‍යවරුන් සිවු දෙනකු, හෙදියන් දෙදනකු සිටින බව ද ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd