
නිල සංචාරයක් සඳහා ඉතාලියට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, වතිකානයේ අපොස්තලික මාලිගයේදී 14 වැනි ලියෝ පාප්තුමා හමුවිය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ පාප්තුමා හමුවීමට පැමිණියේ ඇමෙරිකන් ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප්තුමන් අතරේ අර්බුදයක් පවතින අවස්ථාවකය.
ඇමෙරිකා ඉරාන යුද්ධය නවත්වන්නැයි එය ආරම්භ වූ දිනයේ පටන් පාප්තුමා අවධාරණය කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප විවේචනය කරමිනි. ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රසිද්ධියේ පාප්තුමා විවේචනය කළේ එතුමන්ට බැණ වදිමිනි.
14 වැනි ලියෝ පාප්තුමා, ඇමෙරිකානු ජාතිකයෙකි. ඇමෙරිකන් ජාතිකයකු පාප් ධුරයට පත්වුණු පළමු අවස්ථාව මෙයයි. වතිකානය ඇමෙරිකන් පාප්තුමකු තෝරා ගත්තේ, තමන් ඇමෙරිකන් ජනාධිපති වූ නිසා ඇමෙරිකාව සමග පහසුවෙන් ගනුදෙනු කිරීමට යැයි ද ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් විය.
ඇමෙරිකන් ඉරාන යුද්ධය තවමත් සමතයකට පත් වී නැත. ට්‍රම්ප් දින නියමයක් නොමැතිව, ඉරානයට සටන් විරාමයක් ලබා දී ඇත්තේ ඇමෙරිකාවේ කොන්දේසිවලට යටත් වන්නැයි බල කරමිණි. ඉරානය එම කොන්දේසි තරයේ ප්‍රතික්ෂේ කර ඇති අතර, ඉරානය වෙනම කොන්දේසි මාලාවක් ඇමෙරිකාවට ඉදිරිපත් කර ඇත.
පාප්තුමා සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ හටගත් මෙම අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණින්, රූබියෝ පාප්තුමා හමුවී සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉතා සුහද මට්ටමින් පැවැති මෙම සාකච්ඡාවේදී, වතිකානය සහ ඇමෙරිකාව අතරේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.
කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් පාප්තුමන් සහ රූබියෝ අතරේ සාකච්ඡා කෙරුණි. ඇමෙරිකන් ඉරාන යුද්ධය ද ඒ අතරේ විය. දේශපාලන නොසන්සුන්තා සහ දැඩි මානුෂීය අර්බුද ගැන ද විශේෂ අවධානයක් යමු විය.
පාප්තුමා ලෝක සාමයේ වදගත්කම පෙන්වා දුන් අතර, ලෝක සාමය උදෙසා අඛණ්ඩව කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd