
(අංජුල මහික වීරරත්න)
ඇඟලුම් කර්මාන්තයට නව ව්‍යවසායකයින් නිර්මාණය කිරීම වෙනුවෙන් යොවුන් සේනාංකයෙන් නව මැහුම් පාඨමාලාවක් ආරම්භ කළේය.
ජාතික යොවුන් සේනාංකයේ අනුරාධපුර මධ්‍යස්ථානයට ලද ඉල්ලීම් සලකා බලමින්, බැරන්ඩිනා ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
පාඨමාලාව හැදෑරු පිරිසට ඇඟලුම් කර්මාන්තය සඳහා ප්‍රවේශයක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව තරුණ කටයුතු අමාත්‍යංශය කියයිි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම පාඨමාලාව සඳහා සිසුන් තෝරාගැනීම සිදු කර ඇත.
පාඨමාලාව ආරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමේ දී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් මෙවැනි පාඨමාලා දායක වන බවයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් 2025 වසරේ ඇඟලුම් කර්මාන්තයෙන් ඇමරිකා ඩොලර් බිලියන 5.2ක ආදායමක් උත්පාදනය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd