(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව කිව්ව විදිහට කළා නම් විදුලි බිලා අස්ප ගාණකින් වැඩි වන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
විදුලි බල මණ්ඩලය කෑලිවලට කැඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට බවද හෙතෙම සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ අද (31) පෙරවරුවේ නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය
දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය
විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගත්තා. රජය පාර්ශවයෙන් පසුගිය ජනවාරි 5 වෙනිදා තමයි සියයට 11.5 ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කළේ. නමුත් ඒ ඉල්ලීම අපේ කරුණු දැක්වීම් එක්ක මහනජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළා. නැවත ආණ්ඩුව පැත්තෙන් සියයට 13.5ක බිල වැඩි කිරීමක් ඉල්ලලා තිබුණත් කොමිසමේ අනුමැතිය ලැබිලා තියෙන්නේ සියයට 7 - 8 ක වගේ විදුලි ගාස්තු වැඩි කිරීමකට විතරයි. ආණ්ඩුව කිව්ව විදිහට ලයිට් බිල වැඩි කළා නම් මීට වඩා අස්ප ගාණකින් බිල වැඩි වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd