(කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල තල්දූව අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් පස් දෙනකු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බරපතල තත්වයෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුර සිදුවීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අසල ප්‍රපාතයකට පෙරලී ඇති බවත් යතුරු පැදිය එම මොහොතේම ගිනිගෙන විනාශ වී ඇති බවද පොලිසිය පවසය.

අනතුරට ලක්ව ප්‍රපාතයට පෙරලුනු මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු සහ යතුරුපැදියෙහි ගමන් ගත් අයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රුවන්වැල්ල පොලිසියේ උසස් නිළදාරියෙක් පැවසීය.

මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය  අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහා රෝහලේදී සිදුකිරීමටට නියමිත වේ.