
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූගෝලීය ප්‍රමාණය නිවැරදිව නිරූපණය වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේය.
ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද, අප්‍රිකානු සංගමයේ (AU) සාමාජික රටවල පූර්ණ සහාය හිමිවූ, ‘අප්‍රිකා සිතියම නිවැරදි කරනු’ (Correct the Map) නමැති මෙම යෝජනාවලිය සඳහා රටවල් 164 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එකම රට බවට පත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මීට අමතරව, රාජ්‍යයන් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එක්සත් ජාතීන්ගේ මෙම තීරණය නීතිමය වශයෙන් අනිවාර්ය බැඳීමක් නොමැති එකක් වුව ද, ඉදිරියේදී ලොව පුරා විවිධ ආයතන, අධ්‍යාපන ක්ෂේත්රය සහ මාධ්‍ය මගින් භාවිත කරන සිතියම් සෙමින් සිදුවන විශාල වෙනසකට මෙය පදනම දමනු ඇතැයි පැවැසෙයි.
16 වන සියවසේ සිට ප්‍රචලිතව පවතින ‘මර්කේටර්’ (Mercator) සිතියම් ක්‍රමය දැඩි විවේචනයට ලක්ව ඇත්තේ එහි අප්‍රිකාව සහ ග්‍රීන්ලන්තය සමාන ප්‍රමාණයෙන් නිරූපණය කර ඇති බැවිනි. එසේ වුවත්, සැබෑ භූගෝලීය පරාසයන්ට අනුව අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය.
මෙම සාම්ප්‍රදායික ‘සිතියම් විකෘතිය’ හේතුවෙන්, සමකයට ආසන්නව පිහිටි රටවල සංවර්ධන අවශ්‍යතාවල ඇති වැදගත්කම සහ එම රටවල පවතින සැබෑ විභවයන් ගෝලීය වශයෙන් අවතක්සේරු වීමට බලපා ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
1569 වසරේ දී, ෆ්ලෙමිෂ් (බෙල්ජියානු) ජාතික සිතියම් නිර්මාණකරු ජෙරාඩස් මර්කේටර් (Gerardus Mercator, 1512–1594) විසින් මෙම සිතියම නිර්මාණය කරනු ලැබුවේ අතීතයේ යුරෝපීය ගවේෂකයන්ගේ නාවික ගමන් පහසු කිරීමේ අරමුණිනි. ජෙරාඩස් මර්කේටර් සිතියම් විද්‍යාඥයකු පමණක් නොව, භූගෝල විද්‍යාඥයකු සහ ගණිතඥයෙකි. ත්‍රිමාණ ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාණ තලයක නිවැරදිව නිරූපණය කිරීමේදී ඇතිවන තාක්ෂණික අපහසුතාව මෙම ප්‍රමාණාත්මක වෙනස්කම්වලට ප්‍රධාන හේතුව වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd