IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


”අකුණු මකන්න කුලුන ගලවනු”

මඩකන්ද හිඟුරකන්ද සම්පේ‍්‍රෂණ කලුනින් අකුණු අනතුරු වෙතියි ලැබුණු පැමිණිලි නිසා එය ඉවත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර ඇත. මේ කුලුන නිසා අකුණු අනතුරු රැසක් වූ බව ගැමියන්ගේ පැමිණිල්ලයි.



අදහස් (40)

”අකුණු මකන්න කුලුන ගලවනු”

ජය Tuesday, 19 June 2012 01:28 PM

කළයුත්තේ සම්ප්‍රෙශණ කුළුණ ඉවත් නොකර එය නිවරැදිව භූගත කරලද බලලා එය නිවරැදි කිරීමයි.. කුලුන ඉවත් කිරීමට තීරණය කිරීම විහිලුවක්...

:       2       1

තිලක් Tuesday, 19 June 2012 11:13 PM

ලංකාවේ භුවිෂමතාවය අනුව මුහුදුබඩ සිට රට තුලට හමන තෙත් උණුසුම් වායු ධාරාවන් මධ්‍යම කඳුකරයේ සිට අවටට පැතිරෙන සිසිල් මන්දගාමී වායු ධාරාවන් සමග ගැටෙන කලාපයන් තියෙනවා. එම කලාපවල අහසේ මේ වායු ධාරා අතර ඝර්ෂණයෙන් නිපදවෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා සුලභ ලෙස අකුණු ඇතිවීමක් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට රුවන්වැල්ල ඇහැලියගොඩ හා කිතුල්ගල අතර සුප්‍රකට අකුණු ත්‍රිකෝණය යනුවෙන් ප්‍රසිද්ධ කලාපය ගන්න පුළුවන්. ඉහත සදහන් හිගුරකන්ද කියන්නේ දැරණියගල හිගුරලකන්ද නම් මේක කුළුණක වරදක් කියල හිතන්න එපා. අනෙක් අතට කුළුණු වලින් අකුණු ඇදගෙන බිම්ගත කරන නිසා එයින් අසල්වාසීන්ට ලැබෙන්නේ ආරක්ෂාවක්.

:       0       0

රුවන් Wednesday, 20 June 2012 01:39 PM

http://en.wikipedia.org/wiki/Lightning_rod අකුණු ආරක්ෂාව ගැන පොඩි ලිපියක්

:       0       0

මහසමයා Tuesday, 19 June 2012 03:39 PM

කුරුල්ලනේ වරෙල්ලා ... කුළුණු මකන්න අකුණු ගහමු.

:       0       0

නිසා Wednesday, 20 June 2012 02:46 PM

නව තාක්ෂනය අනුව නිපදවන අකුණු සන්නායක වර්ග දෙකක් තියනවා වෙළදපලේ. අකුණු ආකර්ෂණ සහ විකර්ශන යනුවෙන්.ආකර්ෂණ අකුණු සන්නාහකයක් හොදින් බූගත කිරීමේදී ගනකම් තබා සන්නායක යෙදීම අනිවාර්යයි. මෙම තඹ පටි වටිනාකම නිසාම හොරු කපා ගැනීම ලංකාවටම පොදුවුණ දෙයක්. තඹ සන්නායකය අතුරුදන්වුනවිට කුලුනට අකුණු මගින් හානිවීම සාමාන්‍ය දෙයක්. මෙම නිසාම සමාගම් මගින් කුළුණු සවිකිරීමීදී අකුණු විකර්ශන සන්නායක බාවිතා කරනවා. මෙමගින් කුලුණ වෙත ඇදගන්නා අකුණු අවටට විසිකිරීම සිදුවනවා. මෙම අකුණු විකර්ශන කොලඹ වෙළදපලට හදුන්වාදී ඇත්තේ මගේ මතකයට අනුව 1985 දී

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 20 June 2012 03:08 PM

නාමල් නොදන්නා දේවල් කතාකරන්න එපා. අකුණු සන්නායකයක හීන් කම්බිය දිගේ බිම්ගත කරවන්නේ අකුණක් ඇතිවීමට ටිකෙන් ටික එකතු වන විද්‍යුතය මිස අකුණක පවතින මුළු වෝල්ටීයතාවය නොවේ. අනික, " අකුණු සන්නයකයකින් අකුණු අවට ප්‍රදේශ වලට තල්ලු කරනවා" කියන කතාව ඔයා මොන පොතෙන්ද ඉගෙනගත්තේ? මේවගේ මාර්තෘකාවක් ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්න විද්‍යාව පොතක් වත් කියවලා එනවානම් නේද හොඳ? ගමේ මිනිස්සු කටට ආවට කියන කතා යලිත් පුනරුච්චාරණය කරන්න නම් වෙබ් තාක්ෂනය මොකටද? ඔය කුලුන ඉවත් කරලා බලමුකෝ අකුණු ගහන එක නවතීද කියලා...

:       0       0

ටෙක්නිකල් බුවා Tuesday, 19 June 2012 03:30 PM

හරියට භූගත කළානම් ඔය අවුල් වෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට කුලුනු ගහන එක හරියට කරන්නෙ නැහැ. නැත්නම් තඹ කම්බි වෙන කවුරැහරි කපාගෙන යනවා.. විදුලි සංදේශ නියාමන කොමිසමේන අහඹු ලෙස තෝරාගත් කුලුණුවල "earth resistance" මැන්නොත් මේක බලාගන්න පුළුවං..

:       0       0

බන්ඩා Tuesday, 19 June 2012 04:09 PM

මේ කුළුණු අපේ රටට හෙණ ගේනවා .මොබයිල් ෆෝන් තහනම් කරමු..සල්ලිත් ඉතුරුයි..

:       0       0

හර්ෂ රණසිංහ Wednesday, 20 June 2012 12:32 AM

හරියට අකුණු සන්නායකයක් තියෙනවා නම් ඔය අකුණු වලින් ඒ අවට අයට ලැබෙන්නෙ ආරක්ෂාවක්... අධිකරණය ඉංජිනේරැවෙක්ගෙන් උපදෙස් ගත්ත නම් මෙවැනි තීරණයක් දෙන එකක් නැහැ නෙ...

:       0       0

රජිත් මංජුල Tuesday, 19 June 2012 04:14 PM

ඒ ප්‍රශ්ණය පිලිබද ව විස්තරයට අදාළ අය තීන්දු තීරණ ගනීවි. අපි කලබල ‍නොවී ඉමු..

:       0       0

භරණ Tuesday, 19 June 2012 04:26 PM

කුළුණු වලින් ව‍ගේම පොළවෙනුත් අකුණු අදිනවාග එතකොට බලයේ සම්ප්‍රයුක්තය දිශාවට තමයි අකුණු යන්නේ. මෙය තමයි කවුරුත් ජනතාවට හන්ගන විද්‍යාත්මක සත්‍යය.

:       0       0

භරණ Tuesday, 19 June 2012 03:54 PM

කුළුණු වලින් ව‍ගේම පොළවෙනුත් අකුණු අදිනවාග එතකොට බලයේ සම්ප්‍රයුක්තය දිශාවට තමයි අකුණු යන්නේ. මෙය තමයි කවුරුත් ජනතාවට හන්ගන විද්‍යාත්මක සත්‍යය.මේ නිසා ළඟ අකුණු භූගත වූවාට ඈත අකුණු ළඟට ගෙන්නා ගන්න පුළුවන්.

:       0       0

බන්ගලියා Tuesday, 19 June 2012 05:02 PM

ඔය කියන කුළුණ ජයවර්ධනපුර පැත්තට වෙන්න ආයිත් හිටවන්න.ඒක මුලු ජාතියටම කරන ලොකු පිනක්.සේවයක්

:       0       0

ප්‍රේම-korea Tuesday, 19 June 2012 05:10 PM

අනෙක් රට වලට සාපේක්ෂව මෙහේ අකුණු අනතුරු වැඩියි.හේතුව නිසි ප්‍රමිතියක් නැති කම.භූගත කරන රැහැන් නිසි අයුරින් කරනවද කියලා බලන්න ඕනි

:       0       0

Thilak Thursday, 21 June 2012 02:46 AM

නාමල් මහත්මය අහල තියෙන නිසා ලියන්නේ. ලෝකේ අකුණු වලින් ආරක්ෂා කිරීම පළමුවෙන්ම හොයාගත්තේ ලංකාවේ අපේ මුතුන්මිත්තෝ කියල ආඩම්බරෙන් කිවයුතුයි. අපේ පැරණි මහ දාගැබ් ස්තුප ආරක්ෂා වුනේ එනිසයි. එහි මුදුනේ උල් වූ ලෝහමය කොත නිසා අකුණු එහි ඇදගත්ත. එතැන් පටන් ක්‍රමයෙන් විශාල වන බඳ කොටස දැවැන්ත විද්‍යුත් කන් ඩෙන් සරයක් ලෙස ක්‍රියා කරමින් අකුණක විද්‍යුත් ශක්තිය තුනී කරලා භූ ගත වුනා. එනිසා දාගැබට හානි වුනේ නෑ. අකුණු සන්නායක කියන්නේ බොහෝවිට ලොකු තඹ කුරු පටි හෝ ඇඹරූ කම්බි ගොඩක්. අපට ආරක්ෂා කරන්න ඕනේ ගොඩනැගිල්ල මුදුනේ මීටර් දෙකක් විතර ඉහලට සවි කල තඹ හෝ ඇලුමිනියම් පොල්ලක් සවිකරලා ඒකෙ ඉඳල ගොඩනැගිල්ලට පිටින් තඹ හෝ ඇලුමිනියම් ඝන පටි හෝ කම්බි මගින් මීටර් 1-2 ගැඹුරේ බිම්ගත යකඩ තඹ හෝ ඇලුමිනියම් තහඩුවකට සම්බන්ධ කරනවා. ඔය කියන විදුලි සංදේශ කුළුණු වල අකුණු සන්නායක lightninig conductors මගින් කණුවට සහ එහි සවිකර ඇති උපකරණ වලට ආරක්ෂාව සපයන අතර lightning arresters මගින් එහි සංවේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යුත් උපකරණ ආරක්ෂා කරනවා. මේ නිසා විදුලි සංදේශ කුළුණු වලින් අසල්වාසීන්ට අකුණුවලින් ආරක්ෂාවක් මිස හානියක් වෙන්නේ නෑ. හැබැයි විදුලි සංදේශ කුළුණු වලින් ඇති වන විද්‍යුත් චුම්බක ශක්ති කදම්බ මගින් සෞඛ්‍යයට හානි විය හැකිය කියන කාරණයට මෙයින් කිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.

:       0       0

යසන්ත Wednesday, 20 June 2012 07:03 AM

මොකද්ද මේ මෝඩ කොමිසම?? ඇයි ඔවුන්ට නිසි උපදෙස් දෙන්නෙ නැත්තෙ??

:       0       0

ප්‍රභාත් Wednesday, 20 June 2012 07:45 AM

මෙහව් රටක ජීවත්වීමට සිදුවීම ගැන අපට ලැජ්ජයි...!! නොදියුණු ගෝත්‍රිකයො වගේ..

:       0       0

Dr ප්‍රශාන් ප්‍රේමරත්න Tuesday, 19 June 2012 05:40 PM

හැම සම්ප්‍රේෂණ කුලුනක්ම භූගත කලාම අකුණුවලින් ඒ පැති වලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. හැම ජංගම දුරකථන කුලුනකමත් භූගත කරන්න ඕන.

:       0       0

චන්දන Tuesday, 19 June 2012 05:01 PM

රජයේ ආයතන වල ඉන්න සමහර අයට නිසි උගත්කමක් නෑ

:       0       0

සක්කරවට්ටම Tuesday, 19 June 2012 05:23 PM

කිරි අප්පෝ එන පොට හොදනෑ. සාස්තරේ හැටියට තියෙන දොස් බංගවෙන්න බලියක් අරල ‍පිදේනියක් දීල සුරයක් බදින්නයි වෙන්නෙ.....

:       0       0

බාලා Wednesday, 20 June 2012 08:54 AM

ප්‍රභාත් ඔයා හරියටම හරි....මේ කොමිසම ගැන ලැජ්ජයි ;;;;

:       0       0

නාමල් Wednesday, 20 June 2012 09:48 AM

ඉන්දික,විශ්ව කුමාර,හර්ෂ රණසිංහ,තිලක් අකුණු සන්නායක කියල දෙයක් තියනවද? සන්නයකයකින් කරන්නේ ගමන් කරවන එක. අකුණක් ඔය පුංචි කම්බියක් දිගේ යවන්න පුලුවන්නම් එක මාර වැඩක්. අකුණු නිරෝදක වලින් කරන්නේ කුලුනට ඉහලින් අකුණක් ඇතිවීම වලක්වා එක කුලුනට ඉහලින් තල්ලු කරලා දැමීම . එකෙන් කුලුන අවට අකුණු ඇතිවීමට පුළුවන්. විදුලි සංදේශ නියාමන කොමිසම හැම සමාගමකටම කුළුණු හදන්න අවසර දුන්න. එතකොට එක තැනක කුළුණු වෙනවෙනම තියනවා.එක කුළුණකින් හැම සමාගමකටම වේද කරගන්න පුළුවන්. විදුලි සංදේශ නියාමන කොමිසම කලේ මෝඩ වැඩක්. එක ප්‍රදේශයක එක කුළුණක් හදන්න අවසර දීල එක අනික් සමාගම් වලට කුලියට ගන්න පහසුකම් සලසුවනම් ලංකාවේ කුළුණු මෙචර වැඩි වෙන්නේ නැහැනේ

:       0       0

අන්ජන Wednesday, 20 June 2012 05:23 PM

නාමල්ට ඇස්පේනවද ??අර පුංචියි කියන කම්බිය දැක්කොත් ඔයාම ටොක්කක් ඇන ගණීවි....

:       0       0

කිරිමාටින් Wednesday, 20 June 2012 09:18 AM

නාමල් මෝඩයි තමයි.හරියටම හරි.වැස්සකවත් ඉස්කෝලෙකට ගිහින්ද දන්නේ නෑ

:       0       0

ලාල් හේරත් Tuesday, 19 June 2012 06:28 PM

මේකත් තවත් රසවත් තීරණයක් අපගේ කොමිසමකින් ලබාගත්... අකුණු වැදීම අඩුකිරීමට කුලුනු ඉවත් කිරීම.. !! විරැකියාවට විසදුමක් ලෙස පාසල් අඩු කිරීම..‍ සෞඛ්‍ය ගැටලු නිරාකරණයට ඉසිපිරිතාල අඩු කිරීම... අනතුරැ අඩුකිරීමට මාර්ග අඩු කිරීම.. රට ආකර්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුව ඉවත් කිරීම..

:       0       0

wijaya bandara Tuesday, 19 June 2012 07:13 PM

වැස්ස නවත්තල මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අමිල

:       0       0

විශ්ව කුමාර Tuesday, 19 June 2012 12:40 PM

ඇත්තෙන්ම හරි විදියට හදපු සම්ප්‍රේශණ කුළුනකින් අකුණු ආරක්ශාවක් ලැබෙනවා. කුළුනක් (හෝ සුලං බලාගාර කුළුණක්) වුනාම අනිවාර්‍යයෙන්ම අකුණු සන්නායකයක් තියෙන්න ඕනි. ඒ අකුණු සන්නායකය නිවැරදි විදියට බිම් ගන්වලා තියෙනවානම් ඒකෙන් අවට ප්‍රදේශයට අකුණු වලින් ආරක්ශාවක් ලැබෙනවා. දැන් බලමු මේ මිනිස්සු නැවත මේ කණුව ඉල්ලන හැටි..

:       0       0

විජය බණ්ඩාර Tuesday, 19 June 2012 06:35 PM

වැස්ස නවත්වල මේ ප්‍රශ්න විසදන්න බෑ අමිල...

:       0       0

ධම්මිකා Tuesday, 19 June 2012 12:58 PM

ඔව් ඔබ හරි...

:       0       0

රජිත් මංජුල Tuesday, 19 June 2012 07:38 PM

බණඩො. දහදෙනෙක් අදින කඹයක් ඔයාට තනියම අල්ලගෙන ඉන්න පුළුවන්ද??

:       0       0

ඉන්දික Tuesday, 19 June 2012 01:04 PM

විශ්ව කුමාර ඔයා හරි... කුලුනකට ආසන්නව සිටින අය අකුනුවලින් ආරක්ෂා කරනවා.. මොකද කුලුණ එම අකුණු ආරක්ෂිතව පොළවට ලබාදෙනවා.. එකම දේ එම කුලුන නිවැරදි ලෙස පොලවට බිම් කම්බිය මගින් සම්බන්ධ කර තිබිය යුතුය.

:       0       0

සුදු මාටින් Wednesday, 20 June 2012 11:31 AM

නාමල් මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා....

:       0       0

කිරිමාටින් Wednesday, 20 June 2012 12:13 PM

භරණ, හරියටම හරි...

:       0       0

රුවන් Tuesday, 19 June 2012 01:31 PM

ඉංජිනේරුවන්ගේ උපදෙස් නැතිව විදුලි සංදේශ නියාමන කොමිසම ඇයි කියන්නෙ කුළුණ ඉවත් කරන්න කියලා.. මේක විදුලි සංදේශ නියාමන කොමිසමේ විහිළුවක්.. කවුරුවත් රැකියාව ගැන හරියට දන්නෙ නැහැ..

:       0       0

කිරිමාටිං Tuesday, 19 June 2012 01:43 PM

විශ්ව හරි.. නමුත් අනවශ්‍ය ලෙස ඉහළට එසවුණු කණුවකින් අහක යන අකුණු ඇදල ගන්නවාත් ඇති.. විදුලි සන්දේශ නියාමන කොමිසමෙත් ඉන්නෙ ඉටිපන්දම් හදුන්කූරැ නෙමෙයිනෙ..

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 19 June 2012 01:06 PM

විශ්වාස කරන්න..ඔබේ කියමන හරියටම හරි...දැන් පොඩි ළමයින්ටත් මේ නිළධාරීන්ට වඩා දැනුම තියෙනවා....

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 01:07 PM

නෑ වැස්ස නවත්වමු..

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 01:09 PM

මම හිතුවේ වටේ පිටේ අකුණුත් එයාට ඇද්ද අර්ත් කම්බියෙන් පොලවට යවනව කියලා.....

:       0       0

ප්‍රසන්න Tuesday, 19 June 2012 01:16 PM

විදුලි සන්දේශ නියාමන කොමිසමේ ඉ‍න්නෙ එතාට ඒකවත් තේරැම් ගන්න බැරි අයද? ඒ මිනිස්සු නියෝග කරන්න ඕන ගලවන්න නෙමෙයිනෙ.. ඒක හරියාකාරව හදන්නනෙ...

:       0       0

කමල් Tuesday, 19 June 2012 09:24 PM

අකුණු නිවාරකයක් පවතින්නෙ අකුණක් පැමිනෙන තුරු පමණි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 65 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2195 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 679 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site