කොමදෝරු දසනායකගේ ඇප පෙත්සම කල් යයි
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන් ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සය දෙනෙකු ගොනු කළ ප්රතිශෝධන ඇප ඇයදුම් පත් ලබන මස 26 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය (25) තීන්දු කළේය.