කාලගුණ විපතින් හයක් මරුට අධික වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට පුද්ගලයින් හය දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 November 2017
අදත් මහ වැසි සහ සුළං දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2017
හබරණ බස් - කාර් අනතුරින් දෙදෙනෙක් මරුට ත්‍රිකුණාමලය සිට දඹුල්ල බලා ධාවනය වූ කාරයක් හා මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පොද්ගලික බස් රථයක් අද (30) හබරණ දී මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බව හබරණ පොලීසිය පවසයි. 30 November 2017
කොත්තමල්ලි කන්ද අවදානම් අඩියේ හල්දුම්මුල්ල, කිරිමැටිය, කොත්තමල්ලිකන්ද නාය යාමට ඉතා ආසන්න තත්ත්වයේ පවතින බවත් ඒ හේතුවෙන් අවට පවුල් 10ක් ඉවත් කරන ලද බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 30 November 2017
ගංඟා තුනක් පිටාර මට්ටමේ - ගංවතුර අවදානමක් පවතින වර්ෂාපතන තත්ත්වය අනුව නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2017
‘පෙත්සම අස්කර ගැනීමට පෙත්සම්කරුවෝ එකඟ වුණා‘ - ඇමැති ෆයිසර් පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහිව අභියාවනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ එකඟවු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 30 November 2017
හපුතලේ පවුල් 94ක් ඉවතට නාය යාමේ අවදානමක් හේතුවෙන් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 94ක් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 30 November 2017
ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සලසන බව අගමැති කියයි ආපදාවට පත්වූවන්ට අවැසි සියලු සහන සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 30 November 2017
ධීවරයින් තිදෙනකුගේ සිරුරු හමුවෙයි ගාල්ල ඇතුළු නිරිතදිග මුහුදු තීරයට බලපෑම් කළ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව මියගිය ධීවරයන් තිදෙනකුගේ සිරුරු හමු වී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 November 2017
දිස්ත්‍රික් 6කට නායයෑමේ අනතුරු ඇඟවීම් පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 30 November 2017
ආවා කල්ලියේ මහමොළකරුවන් තුනක් කොළඹින් අත්අඩංගුවට පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කය නොසන්සුන් කළ ආවා කල්ලියේ මහමොළකරුවන් බවට සැකකෙරෙන තිදෙනෙකු යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ආ බව යාපනය පොලිසිය පවසයි. 30 November 2017
වැසි සමඟ කඳු වැටීමෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා කඳුකර ප්‍රදේශයට ඇද හැලෙ තද වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා බදුල්ල ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇතැයි දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කියයි. 30 November 2017
උඩරට දුම්රිය නවතී කැළඹිලි සහිත කාලගුණික තත්ත්වය නිසා පස් කඳු සහ ගල් කඩාවැටී උඩරට දුම්රිය මග අවහිර වීම හේතුවෙන් බදුල්ල සහ නානු ඔය කොළඹ දුම්රිය ගමන් නවතා දමා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසයි. 30 November 2017
අගමැතිගෙන් අද මැතිසබේදී විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30) විශේෂ ප්‍රකාශයක් කරයි. 30 November 2017
දළ ඇතාට වෙඩි තැබු අයෙක් අත්අඩංගුවට දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු (48) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 30 November 2017
පළාත් හතරක පාසල් අද වසයි අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි. 30 November 2017
කටුනායකට එන ගුවන් යානා දෙකක් මත්තලට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොල වෙත යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 29 November 2017
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 29 November 2017
අාපදා නිසා 15ක් කොළඹ ජාතික රෝහලට මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 29 November 2017
සුලි කුණාටුවේ කතාව බොරුවක් අද රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 November 2017
මහ සුළඟින් දකුණ සහ කොළඹ කැළඹෙයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ. 29 November 2017
ශ්‍රීලනිප නාම යෝජනා සකසා අවසන් - දුමින්ද සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා නාමයෝජනා භාරදෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(29) ලංකාදීපයට පැවසීය. 29 November 2017
මැතිවරණය නිසා ස්ථාන මාරු බෑ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙයින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ හා දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ජනවාරි මාසයේ සිදු නොකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. 29 November 2017
දැඩි සුළඟින් ගාල්ලටත් හානි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු දිවයිනටම රතු නිවේදනයක් නිකුත්කරමින් සියලුම ජනතාවට විම්සිලිමත්වන ලෙස දැනුම්දෙයි. 29 November 2017
මාතර පවන රළු වෙයි පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අද(29) සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව ඇත. 29 November 2017
බැසිල්ගෙ නඩුව මාර්තු 9 විභාගයට සුවිසල් නිවසක් ඉදිකිරීමෙන් රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක මුදලක් අවභාවිතා කිරිමේ චෝදනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 9 වෙනිදා විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (29) නියම කළේය. 29 November 2017
දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති ජාතික සම්පතක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කළ අය හා ඊට සහය දුන් අයට විරුද්ධව තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන, වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 29 November 2017
වමනය ගිය සිසුවිය අස් කිරීමේ සිද්ධිය නීතිපති අතට උදෑසන ආහාර වේල නොගෙන පාසලට පැමිණි කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දැරියකට වමනය යාම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය පිලිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි. 29 November 2017
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. 29 November 2017
කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම් කෙලවල්ලා මත්ස්‍ය පැටවුන් ඇල්ලීම තහනම් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 29 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026