හෙළිකොප්ටරයක් වැස්ස නිසා හේනේගමට ගොඩ බස්වයි ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුලු හය දෙනෙකු රැගෙන කොළඹ බලා පියාසර කළ පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද (2) සවස 5.00ට පමණ හේනේගම මධ්‍ය විද්‍යාල ක්‍රීඩාපිටියට ගොඩ බස්වනු ලැබිණ. 02 December 2017
ශ්‍රිලනිප සංවිධායකවරු 20ක් පත්වීම් ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ. 02 December 2017
හිටපු කොටිත් පොහොට්ටුවෙන් එනවා - හිටපු උතුරු මැද මහ ඇමැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය. 02 December 2017
වැස්සෙන් ඉඹුල්පේ නිවාස 9 කට අර්ධහානි 31 ක් අවතැන් තද වර්ෂාව සහ සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 02 වැනිදා වනවිට නිවාස නමයකට අර්ධ හානි සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 31 දෙනෙකු අවතැන්ව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය. 02 December 2017
සිරිපා වන්දනා සමය ඇරඹෙයි මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ මාස හයක කාලයක් තැන්පත් කරතිබු සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ 02දා උදෑසන එළඹුන සුබ නැකැත් වේලාවන් තුනක දි මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් සිරිපා මළුව වෙත වැඩම කරවීම සිදු විණි. 02 December 2017
උඩවේරිය කන්දෙන් පවුල් 45 ක් ඉවත් කරයි හල්දුම්මුල්ල වීරකෝන්ගම උඩවේරිය කන්ද නාය ගිය කොටසට ආසන්නයේ පදිංචිව සිටි පවුල් 45 ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවැසීය. 02 December 2017
වෑන්රිය පෙරළී 6 ක් තුවාල ලබති බදුල්ල කලුගහකදුර මාර්ගයේ කලුගහකදුර කප්පරගල ප්‍රදේශයේ දී අද (02) උදෑසන 10.00 ට පමන එම මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඒ අසල වූ අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් එහි ගමන් ගත් හයදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර අසාධ්‍යය තත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල පළාත් රෝහල වෙත මාරුකර කවා ඇතැයි පොලීසිය පවසයි. 02 December 2017
ගාල්ලේ කාලගුණය යහපත් තත්ත්වයට අද උදැසන 10 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කාලගුණික තත්වය යහපත් අතර හැරී ඇතිබව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 02 December 2017
ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹින් සොයාගනී ටයිප් අසූදෙක වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹ පරණ හල්ඔය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබයදි ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ (1) රාත්‍රි සොයාගෙන තිබෙනවා. 02 December 2017
බළන්ගොඩ බදුල්ල මාර්ගයේ පැත්තක් ගිලාබසී දින කීපයක සිට ඇදවැටුණ වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ කිරිඳිගල ප්‍රදේශයේදී බදුල්ල කොළඹ මාර්ගයේ එක්පසක් ගිලා බැසීමට ලක්ව තිබේ. 02 December 2017
මුහුදෙන් නවසීලන්තයට යන්න ගිය 32 ක් රිමාන්ඩ් නිති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි නාවික හමුදාව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන හලාවත වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රදිප් රොද්‍රිගෝ මහතා වෙත ඉදිරිපත් කල සැකකරුවන් 32 දෙනා ලබන දෙසැම්බර් 5 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි. 02 December 2017
දකුණු ආසියාවේ වයස්ගතම මාතාව දිවියෙන් සමුගනී වයස අවුරුදු 115 ක් වූ පේඩිගේ අනුලාවතී මාතාව අද ( 01 ) මෙලොවින් සමු ගත්තාය. ඇය මියයන තෙක්ම ජිවත් ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්රදේශයේය. 01 December 2017
ප්‍රා.ලේ හා දි.ලේ කාර්යාල සෙනසුරාදා ඉරිදා විවෘතයි පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වු නිවාස හා දේපළවලට හානි සිදුවු පවුල් සඳහා වන්දි ලබාදීමේ කටයුතු සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන බව රජය දැනුම් දෙයි. 01 December 2017
ආපදා මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට තද වැසි හා සැඩ සුළං සමඟ ඇති වූ කාලගුණයේ වෙනස්වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. 01 December 2017
මාතලේට නව ශ්‍රීලනිප නායකයෙක් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (1) ජනපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය බාර ගත්තේය 01 December 2017
ජයන්ත විජේසේකර ශ්‍රිලනිපයට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා අද (1) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. 01 December 2017
අයාලේ යන ගවයන් ඉවත්කර ගන්නැයි ඇමැති පාඨලී කියයි බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන් හි අයාලේ යන ගවයින් මෙම මස 15 වැනිදාට පෙර ඉවත් කර නොගත හොත් එම හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 December 2017
බදුල්ලේ කාලගුණය යථාතත්ත්වයට බදුල්ල දිස්ත්‍රික්කයේ කාලගුණය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇතැයි බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2017
දුම්රිය ප්‍රමාදයට මගීහු කලබල කරති කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය අද (1) පස්වරු 2.30 සිට පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තිබිමට එරෙහිව විරෝධය පා එම දුම්රියේ ගමන් ගන්නා මගිහු නොසන්සුන්කාරි ලෙස හැසිරුණහ. 01 December 2017
දළ පුට්ටාව ඝාතනය කළ හය දෙනා රිමාන්ඩ් ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (1) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත් නියෝග කළේය. 01 December 2017
ග්‍රාම නිලධාරියෝත් පොටකට එන්න අරඅඳිති මේ රටේ ග්‍රාම නිලධාරීන්ගේ මෙතෙක් නොවිසිදුණු දැවෙන ප්‍රශ්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම්ට බලාපොරොත්තු වන බවත් තම ගැටලුවලට නිසි විසඳුමක් නොලද හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහ නීතිමය ක්‍රියාමාර්ගයකට යන දෙකටම ඉදිරි කාලයේදී යාමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පී.බී වන්නිනායක මහතා පවසයි. 01 December 2017
සාක්කුව ගැන නෙමෙයි හදවත ගැන හිතන්න - ජනපති නව පත්වීම ලබා සේවය ආරම්භ කරද්දී සමාගම් හිමිකරුවන්ගේ සාක්කුවට වැටෙනවා ද නැත්නම් වැඩ කරන ජනතාවගේ හදවත තුළට වැටෙනවා ද කියා තීරණය කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද(1) පැවැති නවක කම්කරු නිලධාරින් 191 දෙනකුට පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අමතමින් නවක කම්කරු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 01 December 2017
මාගම්පුර වරායේ සේවකයෝ පිටවීම ප්‍රතික්ෂේප කරති හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින්ට මාගම්පුර වරාය පරිශ්‍රයෙන් පිටවන ලෙසට හෝ ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් ලබා දුන්නේ යැයි සඳහන් කිසිදු අධිකරණ නියෝගයක් පොලිසිය හෝ වෙනත් කිසිදු අයෙක් විසින් අද(1) දහවල් වන තෙක් සේවකයින් වෙත භාර නොදුන් බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ ලේකම් ගයාන් සඳරුවන් මහතා පැවසීය. 01 December 2017
අතුරුදන් වු ධීවරයන්ගේ සිරුරු දෙකක් හික්කඩුවට ඉකුත් 29 වැනි දා රාත්‍රී මුහුදු ගොස් අතුරුදන් ව සිටි ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරු හික්කඩුව අකුරල ,ගොඩගම වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලිසිය පවසයි. 01 December 2017
උඩරට දුම්රිය මාර්ගයේ ගමන් නානුඔයට පමණයි වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - ඔහිය අතර නායයාම් සිදුවී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබීම නිසා යළි දැනුම් දෙන තුරු කොළඹ සිට නානුඔය දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ගමන් සීමා කිරීමට පියවරගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා පවසයි. 01 December 2017
දළ පූට්ටුවා ඝාතනයට සැකපිට තවත් 5ක් අත්අඩංගුවට ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති හස්තියා මරා දැමීමට සම්බන්ධ ගිනි අවිය සමග තවත් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව අඹන්පොල පොලිසිය පවසයි. 01 December 2017
සුළඟින් හානිවූ මොරටුවේ නිවාස වෙනුවෙන් වන්දි ඇති වු දැඩි සුළඟින් මොරටුවේ ආපදාවට ලක් වූ නිවාස 1301දෙනකුගෙන් 465දෙනකුට රුපියල් 10000ක උපරිමයක් වන ලෙස මුදල් ආධාර ලබා දීමට අද(1) කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මොරටුව ශාඛා නිලධාරී අනුර කළන්සූරිය මහතා පවසයි. 01 December 2017
විදුලිය බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක දැඩි වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිවීම් රැසක් වාර්තාවන බැවින් විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත. 01 December 2017
කඳුකරයේ වැසි හා සුළං තත්ත්වය පහව යයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින දෙක තුළ ඇදහැණු අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය අද (1) පහව ගොස් කඩින් කඩ වැසි පවතින බව වාර්තා වෙයි. 01 December 2017
ආපදා හේතුවෙන් 56000කට පීඩා දිවයිනේ පළාත් 6ක දිස්ත්‍රික්ක 15ක කට බල පා ඇති තද වැසි හා තද සුළං හේතුවෙන් මේ වන විට පවුල් 14,607 කට අයත් පුද්ගලයින් 55,855 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026