(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන්නැයි පොලිස් කොමිසමෙන් දුන් නියෝගය නොතකා ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කිරීමට නිකුත් කළ පොලිස් පණිවුඩය වහාම අවලංගු කර ඒ මහතා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත ජාතික පොලිස් කොමිසම අද (11) නියෝග කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේ දී කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඔහු එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස නියෝග කළේය.
කෙසේ වෙතත් අඟහරුවාදා (09) ඊට අදාල පොලිස් පණිවුඩය නිකුත් කර තිබුණු අතර එහි සඳහන් වුණේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ වාහම ක්‍රියාත්මක වන පිරිදි පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරන බවයි.
කතරගම පොලිස් ස්ථානාධිපති සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්තර කරන ලෙස තීන්දුවක් ගෙන තිබිය දී ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළේ කෙසේදැයි ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස්වූ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරමින් නිකුත් කළ පොලිස් පණිවුඩය අහෝසි කරන ලෙස නියෝග කළ පොලිස් කොමිසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස දැනුම් දුන්නේය.
එම නියෝගය අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා ගත් තීන්දුව වෙනස් කරමින් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබුවේ ඉහළ දේශපාලනඥයකුගේ උපදෙස් මත ද යන්න සැක සහිත බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම එකම විහිළුවක්
හාපෝ ඕනෑම දෙයක් පිට කණපිට පෙරලුනානම් එතන දේශපාලුවෙක්.
ඔන්න රටේ තත්ත්වේ. මේ වගේ පිස්සු ඉහළ නිලධාරීන් හා හිතුවක්කාර දේශපාලනඥයින් ඉන්න රටකට ස්වාධීන කොමිෂන් සභා වලින් පලක් තියෙනවද ?
දේශපාලනේ ලොක්කාගේ අනුග්‍රහය යටතේ නටන පොලිස් ලොක්කා කොමිසම සත පහකටවත් ගණන් නොගනී. අහෝ රටකට ගිය කල. අහෝ නීතියකට ගිය කල!!!