සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී)
ලොව දීර්ඝතම වාණිජ ගුවන් ගමන ආරම්භ කරමින් සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.ක්යු 22 දරන ගුවන් යානය මීට ස්වල්ප වේලාවකට පෙර සිංගප්පූරුවේ චංගි ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹීය.
මෙම ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ළඟා වීමට නියමිත අතර සම්පූර්ණ ගුවන් ගමනේ කාලය පැය 19කි.
නිව්යෝක් නුවර නෙවාර්ක් ගුවන් තොටුපොළේ ගොඩ බැස්සවීමට නියමිත යානය අතර ඒ අතරතුර කිසිදු තැනක ගොඩ බැස්සවීමක් කරන්නේ නැත.
මගීන් 150 දෙනකු සහ කාර්යමණ්ඩලයේ 17 දෙනෙක් මෙම ගමනට එක්ව සිටිති.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම යානය එයාර් බස් A 350-900 ULR යානයකි. ද්විත්ව රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් XWB එන්ජින් දෙකකින් රාත්තල් 97 000 ක ප්‍රභල තෙරපුමක් ලබාගැනීමට හැකියාව ඇති මේ යානය පැය 19ක් නොනවත්වා සිංගප්පුරුවේ සිට නිව්යෝර්ක් දක්වා පියාසර කරයි.
අන්තර් මහාද්වීපික, නොනවත්වා පියාසරකරන ලොව දිගම ගුවන් ගමනේ මුළු දිග කිලෝමීටර් කීයද?
නන්දලාල් මල්ලි, හැතැප්ම වලින්නම් 9534 ක් වෙනවා. ඒ කියන්නේ කිලෝ මීටර් 15343.49 ක්. නාවික හැතැප්ම නම් 8284.82 ක් වෙනවා. වෙලාව අනුව නම් නිව්යෝර්ක් වෙලාව පැය 12ක් සිංගප්පුර් වෙලාවට පිටුපසින් තියෙන්නේ.
විජිත මහත්මයාගේ දැනුම නම් ඇති ඉහළයි. ඔය වගේ ගුවන් යානා ගැන විස්තර දන්නා විශ්වකෝෂයක් වැන්නෙක් අපි පාසල් යන අවදියේ උන්නා. මිනිහා පාසලේ ශිෂ්‍ය නායකයෙක් වගේම පාසල් විද්‍යා සංගමයේ සාමාජිකයෙක්. උඩින් ගුවන් යානයක් යද්දී එ්ක දිහා බලලා එ්කේ පැටිකිරිය ඔක්කොම කියනවා. නියමුවාගේ නම ඇරෙන්න... ඒ කාලේ කිව්වේ "ගොන් පයිලට්" කියලා. හැබැයි මිනිහ පස්සේ එයාර් ලංකා ආයතනයේ ලොක්කෙක් වුණා. මට මිනිහගේ නම මතක නැහැ. ඒ ඔබතුමා නෙමෙයි නේද?