පොහොර වියදම ගොවීන්ගේ ගිණුමට
වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා ලබන කන්නයේ සිට පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට පෙර එම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.