(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කරමින් ඊට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෙරේදා (18) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කිසිදු ඇමති කමක් භාර නොගන්නට එහි දී තීරණය කළ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් එජාප විරෝධී පෙරමුණක් හදමින් සිටින අවස්ථාවක පිදුරු ගහේ එල්ලී සිටින එජාපයට ඔක්ෂිජන් දෙන්නට තැත් කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන විනය පරික්ෂණ පැවත්වීමට ඒකමතිකව තීරණය වී යැයි ද අලූත්ගමගේ මහතා කීය.
දෙමළ ජාතික සන්ධානයේ පිහිටෙන් ආණ්ඩු හැදීමට කටයුතු කළ එජාපයට එයින් මිදී බහුතරය පෙන්වීමට හැකිවන්නේ එහි එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නිසා බවත් එසේ ඔවුන්ට එක්වීම මහා පාවාදීමක් වන බවත් හෙතෙම කියා සිටියේය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඔයගොල්ලෝ පොහොට්ටුවේ නෙමෙයිද?
මෙයාගේ නඩුව කවද්ද.?
එතකොට පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහින් පොහොට්ටුව එකතු වෙච්ච අයට විනය පරික්ෂණ නැතෙයි.
SLFP එකෙන් පොහොට්ටුවට ගිය අයටත් විනය පරීක්ෂණ වගේම පාර්ලිමේන්තුවේ ආසනත් අහිමියි
එතකොට අර පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත අයද වෙන පක්ෂෙක විනය පරීක්ෂණ තියන්නේ .. මම මේ දන්නේ නැති නිසා අහන්නේ ..
මෙයා විනය පරීක්ෂණ තියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා ඉන්න එපායැ. අරයට පස්ස දොරෙන් අගමැතිකම ලැබුණු හැටියේ උඩ පැනගෙන පොහොට්ටුවට ගියේ... දැන් විනය පරීක්ෂණ නෙවේ... මන්ත්‍රීකම බේරාගන්න පරීක්ෂණ තියන්නයි වෙන්නේ...
විනය පරීක්ෂණ කළයුත්තේ ත්රස්තවාදීන්ට එරෙහිවයි. ඒ කියන්නේ රටට ද්‍රෝහීවූ අයටයි. නීතියට පිටින් යන අයටයි. ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් සමාජ සේවයක් කරන්න යන අයට නෙමේ...
විනය පරීක්ෂණ තර්ජනය නිසා ලොක්කට ගෙදර යන පාරත් හදන්න ඉඩ තියෙනවා...
මගේ නඩු කල්ගියානේ ...
ලොක්කට කීවද මීටපස්සේ කුස්සි දොරවල් වලින් ගෙවල් වලට ඇතුල් වෙන්න එපා කියලා ?