(නිමන්ති රණසිංහ)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
හොංකොන් රාජ්‍යයේ ‘ඩේටා එක්ස්පර්ඩ්‘ ආයතනය මගින් එම දුරකතනයේ මකා දැමු දත්ත, ජීබී 39 ධාරිතාවකින් යුත් පෙන්ඩ්‍රයිව් එකක් සහ පිටු 60 කින් යුත් දත්ත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයිද ඔවුහු අධිකරණයට දැන්වුහ.
අද දවස ඇතුළත එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු පසුගියදා එම දරකතනය රැගෙන හොංකොන් රාජ්‍යයේ දුරකථන සමාගම වෙත පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි තෝරු මෝරු මැද්දට හාල් මැස්සන්ට යන්න එපා කියන්නෙ.
මෙයගේ රංගනයට ඔස්කා සමානය දුන්නත් මදි...............
“නිලධාරීන් කිහිප දෙනෙක්” ? දුරකථනය එතරම් බරද ?
දේශපාලන බල පෙරළියකට, ව්‍යවස්ථා අර්බුදයකට, රට අරාජික තත්වයකට පත් කිරීමට මගක් සකස් කළ කුමන්ත්රණයේ සුලමුල සොයා ගැනීම ජනතාවගේ අභිලාශයයි. සත්‍ය හෙළිවෙතැයි සිතිය හැකි එම තොරතුරු දැනගැනීම ජනතාවගේ අයිතියක්...