ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 19 April 2018
ඉරාන කතානායක ලංකාවට ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි මහතා ඇතුළු දූත පිරිස දින 03ක සංචාරයක් සඳහා අද (18) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. 18 April 2018
ඒඩ්ස් හංවඩුවෙන් බැටකෑ සිසුවියට නව පාසලක් ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පාසල් අධ්‍යාපනය අහිමිව පසුගිය කාලයේ දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් අද (18) නව ජාතික පාසලක් හිමිවිය. 18 April 2018
බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් තාවකාලිකව නවත්වයි කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා සිදු කිරීමට නියමිත සැත්කම් ඇතුළු සියලුම කටයුතු පරීක්ෂණ නිමවනතෙක් නතර කිරීමට නියෝග කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා අද (18) අදාළ අංශ වෙත ලිපියක් නිකුත් කර ඇත. 18 April 2018
පරීක්ෂණ නිම වෙනතුරු මිරිස්ස හෝටලය වහයි නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවී යැයි කියන මිරිස්ස ප්‍රදේශයේ හෝටලය පවත්වාගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියම කළ බව එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා ලංකාදීපයට පැවසීය. 18 April 2018
22 වැනිදා සිට යළිත් ජී.එස්.පී. බදු සහනය ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වැනිදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 18 April 2018
උපකාරක පංතිවලට එන්නැයි බලකරන ගුරුවරුන්ට විනය පියවර තමන් විසින් පවත්වනු ලබන උපකාරක පංතිවලට පැමිණෙන ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට බලපෑම්කරන ගුරුවරුන්ට එරෙහිව තදින් විනය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 18 April 2018
සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි සංචාරක ඇමැති කියයි සංචාරක ව්‍යාපාරය මෙරට වැඩිම විදේශ විනිමය උපයන ක්ෂේත්රය බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබියදී මිරිස්ස හා තවත් ප්‍රදේශයක දී සංචාරකයින්ට හිරිහැර සිදු කළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමේ වගකීම පොලිසිය ගත යුතු යැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. 18 April 2018
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීමට කඩුවෙල නාගරික මන්ත්‍රී සැකපිට සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 18 April 2018
සංඛපාල කන්ද නඟින්න ගිය විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් මරුට සංඛපාල විහාරස්ථානය පිටුපස කන්ද නැගීමට ගිය හැටපස් හැවිරිදි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෘදයා බාධයක් වැළඳම නිසා ජිවිතකෂයට පත්ව ඇති බව ඇඹිලිපිටිය රෝහල් පොලීසිය පවසයි. 18 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබල දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මැයි මැයි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. 18 April 2018
සීදුව බැංකුවකින් ලක්ෂ 07ක් කොල්ලකාලා සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට (18) පැමිණි පුද්ගලයකු එහි කවුන්ටරයක තිබූ රුපියල් ලක්ෂ 07 මංකොල්ලකා පලා ගොස් ඇතැයි සීදුව පොලීසිය කියයි. 18 April 2018
රට දියුණු කරන්න අලුත් වැඩසටහනක් - අගමැති ජනපති දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙනයෑම සඳහා අලුත් වැඩසටහනක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 April 2018
ලක්ෂ 50 ක කේරල ගංජා සමඟ තිදෙනෙක් සැකපිට යාපනය සිට පුත්තලම දක්වා රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 37 ක ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අද (18) පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය කියයි. 18 April 2018
ඊශ්‍රායල් ජාතිකයන්ට පහර දුන් අයෙක් වැලිගම දී අත්අඩංගුවට වැලිගම මිදිගම ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට පොලු වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (17) රාත්‍රී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 18 April 2018
විශාලතම ගුවන් යානය මත්තලට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය. 18 April 2018
උතුරු මහඇමැති නව පක්ෂයකින් මහඇමැති පුටුවට තරග කිරීමේ සූදානමක් දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති 18 April 2018
රසායන අවි විමර්ශන නිලධාරින් සිරියාවේ ඩුමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි විමර්ශන නිලධාරීන් බදාදා (20) සිරියාවේ ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත යැයි වාර්තා වේ. 18 April 2018
යාපනයේ මාදැලකට රුපියල් කෝටියකට අධික පරා ඉල්ලමක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති. 18 April 2018
මීගස්වැව යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළෙක් මරුට මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයෙදී අද (18) මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 18 April 2018
අනියම් බිරිඳට පහර දී කෙස් වැටිය කැපු කොස්තාපල් ගැන විමර්ශනයක් තම අනියම් බිරිඳගේ කෙස්වැටිය කපා දමා ඇයට පහර දුන් බව කියන කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 18 April 2018
ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් අසල්වැසි සිරියාවේ රඳවා සිටින ඉරාන ගුවන් හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් ඊශ්‍රායලය විසින් පළ කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 April 2018
සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. 17 April 2018
මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 April 2018
ගාලු මුහුදෙන් හමු වූ පිළිමයේ සුල මුල හෙළිවේ ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය තමන් විසින් ගිල්වන ලද පිළිමයක් බව කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වගෙන යන ජනක ද සිල්වා මහතා පවසයි. 17 April 2018
ලක්ෂ 14ක හෂීස් තොගයක් රේගුව අල්ලයි ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද (17) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 17 April 2018
වැලිමඩ අනතුරිකින් අයෙක් මරුට - 16 ක් රෝහලට වැලිමඩ ප්‍රදේශයේ දී අද සවස සිදුවූ රිය අනතුරකින් 16 දෙනකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 April 2018
20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක් ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළයුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය. 17 April 2018
කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි. 17 April 2018
කරාපිටියේ රජයේ වෛද්‍ය නිලධාරීහු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාට එරෙහි වෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් 17 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026