රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2018
එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට අනුමැතිය ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 19 April 2018
මීටර් නීතිය පිළිපැදීමට සුදානම් නැතැයි ත්‍රීරෝද රථ සංගමය කියයි ත්‍රීරෝද රථ සඳහා හෙට (20) සිට ක්‍රියාත්මක මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පැවසීය. 19 April 2018
මිරිස්සේ සාදයට දේශපාලනඥයකුත් ඇවිත් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා රජයේ ප්‍රබල දේශපාලනඥයකු සහභාගී වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 19 April 2018
ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක් එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් පවත්වති. 19 April 2018
කියුබාවේ මුල් පුටුවට මිගුවෙල් දියාස් පත් කරන තීරණයක් රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පිරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව අද තීරණය කළේයේ. 19 April 2018
සයිටම් විධායකගේ සිද්ධියට කඩුවෙල නාගරික මන්ත්‍රී රිමාන්ඩ් සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 19 April 2018
ස්විට්සර්ලන්තයේදී අනතුරකට ලකවූ 11ක් යළි දිවයිනට ස්විට්සර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් 11දෙනෙකු යළි දිවයිනට පැමණීමට අද (19) එරටින් පිටත්ව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. 19 April 2018
කොළඹ ඉඩම් කාර්යාලයේ ලේඛන පුස් කාලා - වජිර අබේවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, මෙම කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 April 2018
යතුරු පැදි අනතුරෙන් හමුදා සැරයන් සහ පොලිස් සැරයන් මරුට යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යුද හමුදා සැරයන්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. 19 April 2018
හොරණ කම්හලේ කළමනාකරු අත්අඩංගුවට හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලාවේ රසායනික වළකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කම්හලෙහි කළමණාකරු අද (19) සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 April 2018
ලක් රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරනවා - නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරන බවත් අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වැඩසටහන ඉතා සාර්ථක බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බාරෝන් නේස්බි සාමිවරයා පවසා ඇත.බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් නේස්බි සාමිවරයා ඒ බව කියා තිබේ. 19 April 2018
ඇළුමිනියම් මුට්ටියක් හිසේ හිර වී සිඟිත්තෙක් රෝහලේ බත් පිසිමට ගන්නා ඇලුමිනියම් මුට්ටියක් හිසේ හිරකරගත් වයස අවුරුදු දෙක හමාරක පමණ සිඟිත්තෙකු හිසේ සිරවූ මුට්ටියත් සමඟ අද (19) සවස 4.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත. අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල කෝමාරීක ප්‍රදේශයේ දරුවෙකි. 19 April 2018
මැයි දිනය කල් යාමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයයන්හි ගැටළු රැසක් මැයි පළමු වැනිදාට යෙදී ඇති කම්කරු දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවෙන් හත් වැනිදාට නිවාඩුව ප්‍රකාශයට පත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ අදාල නිවාඩුව රජයේ හා බැංකු නිවාඩුවක් පමණක් සඳහන්ව තිබීම නිසා සේව්‍ය හා සේවක දෙපක්ෂයම ගැටලූවකට මුහුණ දී ඇත. 19 April 2018
භාරකරුවන් නැති වැඩිහිටියන් 25ක් කරාපිටිය රෝහලේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් නේවාසිකව සිටින භාරකරුවන් විසින් ආපසු කැඳවාගෙන ගොස් නැති වැඩිහිටියන් පිළිබඳව යම් පියවරක් ගැනීම සඳහා වාර්තාවක් ලබා ගැනීමට නිලධාරින් කණ්ඩායමක් එහි යැවීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. 19 April 2018
ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ජනපති-අගමැති සතුයි - අර්ජුන රණතුංග ඉන්ධන මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගනු ලබනුයේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එක්ව යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 19 April 2018
බ්‍රිතාන්‍යයෙත් දේශපාලන අර්බුද - ජනපති ශ්‍රී ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද දේශපාලන අර්බුද තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 19 April 2018
මැයි පළමු වැනිදා නිවාඩුව මැයි හතට කල් යයි ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 වැනි දා සිට 2018 මැයි 02 වැනි දා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. 19 April 2018
යහපාලන ආණ්ඩුව දිගටම ගෙනියන්න එජාප අනුමැතිය ගන්න යයි යහපාලන සඳහා වූ ජාතික රජය 2020 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබන සතියේ පක්ෂ අනුමැතිය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂය කියයි. 19 April 2018
පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් පත්කරන්නලු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස පත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. 19 April 2018
මත්පෙති 600ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මත්වීම සඳහා තරුණ පිරිස් භාවිතා කරන ඇපල් පෙති නොහොත් 225 වර්ගයේ ටැමඩෝල් පෙති 600 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (19) රැජින හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. 19 April 2018
ඉරාන කතානායක පාර්ලිමේන්තුවේ සංචාරයක දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන කතානායක අලි ලරිජානි මහතා ඇතුළු දුත පිරිස අද (19) දහවල් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවුහ. 19 April 2018
හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 19 April 2018
යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි යාපනය මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියකුගේ ඉඩමේ තිබී මෝටාර් බෝම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයා ගත් බව පලාලි පොලීසිය කියයි. 19 April 2018
ආණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි ආණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 19 April 2018
සූරිච් හී අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 12 කට තුවාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බසයක් ස්විස්ටර්ලන්තයේ අධිවේගී මාර්ගයකදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනකු තුවාල ලබා ඇතැයි චැනල් නිවුස් ඒෂියා වාර්තා සඳහන් කරයි. 19 April 2018
එජාපයේ තනතුරු වෙනස අද එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත. 19 April 2018
විදුලියට ගිය වසරේ කෝටි 4500 ක පාඩුවක් අඩු වියදම් තාප බලාගාර විදුලිබල පද්ධතියට එකතු නොවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4500 ක පාඩුවක් ලබා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 19 April 2018
මැතිසබය කැඳවන්න නව ගැසට්ටුවක් ඕනෑ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත්ක ළ ගැසට් නිවේදනයේ දෙවැනි සැසිවාරය පටන් ගන්නා වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති හෙයින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඒ ගැටලුව නිරාකරණය කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජනාධිපති ලේකම්ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ඊයේ (18) දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි 19 April 2018
වැඩ බාරගන්න උත්සවවලට මහජන මුදල් එපා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව පැවැත්වීමෙන් වැළකිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. 19 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026