(අංජුල මහික වීරරත්න ආණමඩුවේ සිට)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්රජාතන්ත්රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්රජාතන්ත්රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය.
ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය.
මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකියැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ආණමඩුව නවගත්තේගම සහ කරුවලගස්වැව සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ආණමඩුව රෝහල් භූමියේ පැවැති ජන රැළියේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමැතිවරණය පවත්වන්න එපා කියමින් රට අස්ථාවර කල මේගොල්ලෝම අනික් අයට ඇගිල්ල දික් කරනවා ප්රජාතන්ත්රවාදය ගැන කියමින්...
අනේ මෙහෙමත් විකාර...
මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා අදාළ පනත්වල මොනවාද අන්තර් ගත වෙලා කියල කියවල බලනවනං, මා දන්නා තරමට 13, 18, 19 සම්මත වෙනවද? අනික ඔතන කී දෙනක්ටද කියවීම හා තේරුම් ගැනීම හැකියාව තියන්නේ. අර ගිය පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආපු නළුවක්ගෙන් මාධ්‍ය 18 ගැන විමසුවිට, 18 ගැන එයා දන්න නැතිලු. නමුත් 18 ට පක්ෂව ඡන්දය දුන්නලු. ඉතින් ආයිත් අහන්නම ඕනද.
ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් අනිවාර්යයි .
කාටද ඔය කියන්නේ අර 62 ටද?
අන්තිම ෆොටෝඑක මට අල්ලන්නේ නැහැ. පුතේ පරිස්සමින්.. සමනලයින් හැම තැනම.
19 ගැන ලොකුවට කිව්වට ඇත්තෙන්ම ඕකේ වුනේ ජනාධිපතිගේ බලය අඩුකරලා පාර්ලිමේන්තුවට බලය ගියා සහ එමගින් සුළු පක්ෂවලට තියන තැන වැඩි වුණු එක... කොටින්ම කියනවා නම් දෙමළ සංධානයට තියෙන බලය වැඩිවුණා. මේ සියලු දේ සිද්ද වුනේ ජාත්‍යන්තරයට වුවමනා විදිහට... කොටින්ම කියනවා නම් දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට... මේ දේ කරේ රනිල් ගේ තියන් විදේශ ගැති ප්‍රතිපත්ති නිසා.. අනික මේක සිද්ද වුනේ ශ්‍රී ලංකාවේ UNDP කාර්යාලය මගින් ගෙන ගිය රහසිගත ව්‍යාපෘතියක් මගින්... මහින්ද ඉන්නකන් මේක කරන්න බැරි වුණා. ආණ්ඩුව මාරු වුණු ගමන් UNDP එක මේ වැඩේ පටන් ගත්තා.. සම්මත කර ගත්තා.. මොන දේ වුනත් ජාතිවාදය නිසා නෙමේ සිංහලයන්ට තියන අවස්ථාව ක්‍රමයෙන් නැසී යන එක වෙන්නේ.. ඉතින් සිංහලයෙක් විදිහට කණගාටුයි... මේ දෙය පක්ෂ දේශපාලන ඇසින් බලන එක හොඳ නැහැ... ස්වාධීන රටක් විදිහට හිතන්න ඕනේ... දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට සහ ඒ ගොල්ලන්ගේ වුවමනාවට බටහිර රටවල් වල ඇඟිලි ගැසීම් අනුව වෙන දේවල්... නැතුව රටේ ඉන්න නියම දෙමල අයට එහෙම අවශ්‍ය නැහැ... රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් හරි... සුළු, මහා ජාති කියලා නැහැ ...මොන ජාතිය හිටියත් නීතිය එකයි..
නියමයි යහා.. සහතික ඇත්ත...
2015දී රටේ ජනතාව මේ අයට ඡන්දෙ දුන්නේ විශේෂයෙන්ම එවකට බලාත්මකව පැවතුණු දුර්දාන්ත 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කරලා 19 වන සංසෝධනය ගෙනෙන්නයි.. දැන් ඔය 19 සංසෝධනයේ යම්යම් අඩුපාඩු තියෙන්න පුළුවන්… ඒ අඩුපාඩු හදා ගන්නවා මිස එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම බරපතළ මෝඩකමක්...
නොදකින් ඇරියොත් කට බොරුමනේ... පින් මාම රවටනවා ගොට්ටන්වත් ලඟ ඉන්න... අපි නැහැ රැවටෙන්නේ ඔය ගැටවලට...
ඔබ කියන දේ ඇත්ත. එත් ආඳා වගේ නැතුව ඉක්මන් තීරණ අරගෙන 2015 දීපු පොරොන්දු දැන්වත් ඉටු කරන්න. තාම පල් හොරු, වීරයෝ වගේ ඉන්නවා පේන්නේ නැද්ද?