(නිමල කොඩිතුවක්කු)
කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ සියලුම විස්තර ඇතුළත් ලිඛිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදිපයට පැවැසීය.
කතානායකවරයාටත් මේ සම්බන්ධයෙන් වාචිකව ප්‍රකාශ කර ඇතැයිද පැවසූ රන්ජන් රාමනායක මහතා ඉදිරියේදී එම සියලුම නම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
‘‘මම අදත් කතානායකවරයා මුණ ගැහුනා. කතානායකවරයා මට ප්‍රකාශ කළේ මේක පාර්ලිමේන්තුවටත් ඒ වගේම රටේ කීර්තියටත් විශාල ප්‍රශ්නයක් කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්විම අගෝස්තුවේ එනවා. ස්වාධීන අධිකරණ තීන්දු, කොමිෂන් සභා ස්ථාපිත කිරීම නිසා ඒකෙදී අපිට ලොකු කීර්තියක් ඇවිත් තියෙනවා.
එහෙම තියෙද්දි කොකේන් හා සම්බන්ධ දේශපාලඥයන් පිළිබඳ ප්‍රවෘත්තිය බටහිර මාධ්‍ය සියල්ලක්ම පාහේ මේ වාර්තා කළා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය පොඞ්ඩක් නිමෙන්න අරින්න කියලා කතානායකවරයා මට ප්‍රකාශ කළා.
මම එතනදී කිව්වා සියලුම තොරතුරු සහිතව තමයි මම මේ පිළිබඳ හෙළිදරව් කළේ කියලා.
මම මේ ගැන සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර එය ලියාපදංචි තැපෑලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. එම වාර්තාවට අනුව කොකේන් පාවිච්චි කරන මැති ඇමතිවරුන් 24ක් ඉන්නවා.
එහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පහක් හයක් වගේ ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් මෙයට අයත් නැහැ. ඉතුරු සියල්ලම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොහොට්ටුවේ පිරිසක්.
මේ පිරිස අතර කොකේන් ගෙන්වන අය ඉන්නවා. හිටපු කැබිනට් ඇමැතිවරු, හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අධීක්ෂණ මන්ත්‍රීවරු මේ අතර ඉන්නවා.
මේ සියලුම අයගේ නම් මේ වනවිට මම කතානායකවරයාට වාචිකව කියලා ඉවරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට බාධාවක් නොවෙන්න අවශ්‍ය අනිකුත් ස්ථානවලටත් මම මේක යොමුකරනවා.
ඒ වගේම සියලු නම් ගම් සහිතව මම ඉදිරියේදී මෙය ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනවා’’ යැයිද එහු එහිදි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කීවේ කතානායකතුමාට ලැයිස්තුව දුන්නා කියල නේද? දැන් මොකද මේ "වාචිකව පැවසුවා" කියල කියන්නේ ? සාක්ෂි තියෙනවානම් ඔය ලැයිස්තුව මාධ්‍යයටත් ලබා දුන්නානම් නේද හොඳ?
මොහු කියන්නේ බොරුවක් විය නොහැකිය. මීට පෙර වරක් විජේදාස මහතාත් මෙවැනි ප්‍රකාශයක් සිදු කලා.
ඩයස් - මමත් හිතන්නේ නැහැ මොහු බොරු කියනාවා කියලා මෙවන් දෙයක් ප්‍රචාරය කරලා. මේවා වැරදිනම් හෙන ගහන අපරාද. ඇත්තනම් එත් එහෙමයි. මම හිතන හැටියට රන්ජන් ගිරයට අහුවෙලා වගේ.
දන්නවා, හෙළිකරනවා කිය කිය ඉන්නේ මොකටද, කරන දෙයක් හරි විදිහට නොකර?
රන්ජන් මන්ත්‍රීතුමනි ඔබ මේ සියල්ල ඇත්තක් නම් ඔබ දේශයේ වීරවරයෙකු වෙනු ඇත.
ඇත්ත හෝ බොරු මේ අවස්ථාවේ රටේ තියෙන දැවෙන ප්රශ්නය මෙය නොවේ. ඔය විකාර නවත්වලා රට වැටී තියෙන අගාදයෙන් ගොඩ ගන්න බලමු. රන්ජන් හැම වෙලාවේම මේ වැනි වැඩ කරලා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවට පාර කපනවා
පින් සිද්ධ වෙනවා රන්ජන්!
මොහු නලුවෙක් බව අමතක නොකරන්න
අපිට නිකම් බයිලා ගහන්න එපා. කල් ඇතුව සද්දේ දාපුවම පාර්ලිමේන්තුවේ ඉන්න කුඩු කාරයින්ට හොඳටම කල් ඇති මුත්‍ර පරීක්ෂණයෙන් ගැලවෙන්න. කුඩු පරික්ෂකරන්නේ මුත්‍රා පරීක්ෂණයකින් හෝ රුධිර පරීක්ෂණයකින්. දින, කිහිපයක් කුඩු ගැනීම නවත්තල උන්නම එව්වගේ කොටසක් මුත්‍රා දහදිය ආදිය සමග පිටවෙනවා. තවත් කොටසක් ජීර්ණය වෙනවා. අන්තිමේ ඉතිරි වෙන කොටස පරීක්ෂණ වලට අසුවෙන්නේ නැහැ. ඔහේ ඔය කල් තබා දැනුම් දුන්නේ ඒ කට්ටියට මත් කුඩු වලින් වැළකිලා රුධිර සාම්පල් සහ මුත්‍රා සාම්පල් පිරිසිදු වෙන තුරු කල්මරන්න නේද? පිච්චර් වල මිනිස්සු ගොනාට අන්දුවට සැබෑ ලෝකේ එහෙම ගොනාට අන්දන්න අපහසුයි.
රන්ජන් මහතාණෙනි පින් අයිතිවෙනවා මේක කාටත් දැනගන්න මාධ්‍යට කියන්න.
කරන කියන දෙයක් පිළිගත හැකි සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න රන්ජන්තුමෝ. නැති නම් මෙන්න අල්ලපු වත්තේ ඩෙංගු මදුරුවෝ ඉන්නවා කියන්න පැමිණිලි කරලා, නිලධාරින් පරික්ෂා කරන්න එනකොට ඒ මිනිස්සු හොඳට වත්ත සුද්ධ කරලා තිබුනා වගේ වැඩක් වේවි.
මෙය එක් ජවනිකාවක් විය හැකිය.
කොකේන් ඇතුළු මත ද්‍රව්‍ය පාවිච්චි කරන මැති ඇමති වරු ගැන දැන් මහා අමුතු දෙයක් වගේ කලබල වෙන එක බොරුවක්. මේ රටේ ජනතාව සියලු දුශ්චරිත තියෙන මිනිස්සුන්ට ඡන්දය දුන්නේ දන දැනමයි. දැන් හරියට නොදැන හිටිය වගේ රඟපානවා.
තවත් සතියකට කතාකරන්න මාතෘකාවක්. ලංකාවේ ඉන්න අයට කාලය මෙසේ කා දැමිය හැක. දේශපාලුවන් කාලෙන් කාලෙට ගෙන දේවල් මේවා. ටික දවසකින් අමතක වෙනු ඇත.
නියමයි රන්ජන්. පුළුවන් නම් කුඩු මුදලාලිලා ආරක්ෂා කරන අයගේ නම් ටිකත් කියන්න. ඔබ වගේ කොන්ද පන තියෙන ටික දෙනෙක් හරි ඉඳීම ගැන ආඩම්බරයි. දැන් ඉතින් කුඩ්ඩන්ට සහය දෙන අය කෑ ගහයි, ඒවාට සැලෙන්න එපා.
මොහුගේ ජීවිතාරක්ෂාව ගැන පොලිසිය වැඩි අවදානයට ගත යුතුය. මන්ද අතීතයේ ඇති හොදම නිදසුන් ලෙස මාධ්‍යවේදීන් ඝාතන සිදුවන්නේද බලය ඇති අයවලුන් කරන අපරාද හා විනාස හෙළිදරවු කරලීමට යාමෙනි. ජනපතිවරයාට රට මතින් තොර කරලීමට අවැසිනම් මෙවන් හෙලිදරවු කරන පුද්ගලයන් රැක ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම ඔහුගේ වගකීමද වන්නේය. හෙළිදරවු කරන අයවලුන් ඝාතනය කර හා ඔවුන් භීතිය පත්කර කටවල් වසා රට මේ විනාසයෙන් ගොඩ ගත නොහැක. එය ජනපතිවරයා හොදින් අවබෝද කර ගත යුතුය
කුඩු භාවිතය ලංකාවේ නීති විරෝධී නැත. කුඩු භාවිතා කරන්නන් සිරගත කළ නොහැක. මොවුන් අඳුනගත්තට නීතියෙන් කළහැකි දෙයක් නැත. එකම දෙය ඔවුන් පාර්ලිමේන්තුවට යලි පත්නොකළ යුතුය. රන්ජන්ට ලැබෙන මාධ්‍ය ප්‍රචාරය හැර මෙම කතාවෙන් ඵලක් නැත.