සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නැයි ඉල්ලයි වෛද්‍ය නොවන අනෙකුත් සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ජනාතාවට බලපාන සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නා ලෙස පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. 25 July 2018
ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ. 25 July 2018
අධ්‍යාපනය නවීකරණයට ලෝක බැංකුවෙන් කෝටි 10 ක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇත. 25 July 2018
ගිංතොට- අම්පාර සිද්ධිවල හානියට වන්දි ගිංතොට සහ අම්පාර යන ප්‍රදේශවල ඉකුත් කාලයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වු දේපළ හා පුජනීය ස්ථානවලට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 25 July 2018
රැඳවියන්ගේ ප්‍රශ්න සොයා බැලීමට නව වැඩපිළිවෙළක් දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන්ගේ ප්‍රශ්න විසඳිම සඳහා ඍජුවම මැදිහත් වීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 25 July 2018
‘අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා අපරාධකරුවන් හසුකර ගැනීමට අපහසුවෙලා’ අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 25 July 2018
සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරි දින නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස යුද හමුදා කර්නල් නවරත්න අසේල මහතාට කොළඹ මහ 25 July 2018
එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතව තිබු කන්තලේ නගර ශාලාව මහින්ද රාජපක්ෂ නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර තිබේ. 25 July 2018
‘විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට 600 ක් මිය යනවා’ වසරකට විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන් 600කට වැඩි පිරිසක් මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. 25 July 2018
පෞද්ගලික සෞඛ්‍ය සේවා වැට් බද්ද ඉවතට පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියන් හිමි වී තිබේ. 25 July 2018
‘වෘත්තීය සමිති වලට ඕනෑ විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘ ඇතැම් වෘත්තිය සමිති වලට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභාග පැවැත්විමට කටයුතු කරන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය. 25 July 2018
ඉපදී පැය කිහිපයක් ගත වු බිළිඳියක් ළඳු කැලෑවකින් හමුවෙයි ඉපදී පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක් දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන දඹුල්ල මූලික රෝහලට භාර දී තිබේ. 25 July 2018
මිලියන 35 ක රන් අබරණ ගුවන් තොටින් අල්ලයි රුපියල් මිලියන 35 වටිනා කිලෝ 5 පමණ බරැති රන් අබරණ තොගයක් සහ රන් බිස්කට් තොගයක් තම ශරිරයේ සඟවා ගෙන කුවේට් සිට පැමිණි ලාංකික කාන්තාවක් කටුනායක රේගුව විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 25 July 2018
පාකිස්තානු මැතිවරණයේ බෝම්බ පිපිරීමකින් 31 ක් මරුට පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි. 25 July 2018
නහරයක් පිපිරී මියගිය අයෙක් තවත් ජිවිත දෙකක් බේරාගනී මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය. 25 July 2018
කොටකෙතන මව-දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වු ‘බට්ටි‘ නිදොස් කොට නිදහස් කරේ රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී 17 හැවිරිදි කවිද්යා චතුරංගනී සෙල්ලහේවා සහ ඇගේ මව වන නයනා කුමාරි(52) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අශෝකා චාන්දනී කුමාරි නොහොත් බට්ටි නැමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) නියෝග කළේය. 25 July 2018
පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය අද (25) ආරම්භ විය. 25 July 2018
යාපනයේ ‘අයි‘ කල්ලියේ 13 ක් අල්ලයි යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසියේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප වසයි. 25 July 2018
කෝටි 4ක රන් බිස්කට් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට කල්පිටිය මුහුදු තිරයේදි ධිවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු රුපියල් කෝටි හතරකට ආසන්න රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් දෙන්නෙක් කල්පිටිය විජය නාවික කදවුරේ නිළධාරින් උච්චමුනේ මුහුදු තිරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. 25 July 2018
ඒ -9 මාර්ගයේ අනතුරකින් 19 කට තුවාල යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මැදවච්චිය පොලීසිය කියයි. 25 July 2018
2017 වසරේ පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට ඉකුත් වසරේදී පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වී ඇතැයි ‘ග්ලෝබල් රයිට්ස්’ සංවිධානය පවසයි. එම ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහාය ලැබී ඇතැයි ද එම සංවිධානය පෙන්වාදෙයි. 24 July 2018
මහාමාර්ග අධිකාරියෙන් වන්දි ඉල්ලා ව්‍යාපාරිකයකුගෙන් පැමිණිල්ලක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ ටයරය කැඩි ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මහ මාර්ග අධිකාරියෙන් අය කර දෙන ලෙස මහරගම පදිංචි ව්‍යාපාරිකයකු අද (24) බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. 24 July 2018
කළු ජූලියේ වින්දිතයන්ට කැනේඩියා අගමැතිගේ කනස්සල්ල කළු ජූලියෙන් ජීවිත අහිමි වූ හා ඉන් පීඩාවට පත්වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් හා ඔවුන්ගේ මිතුරන් හා එක්වෙමින් ශෝකය බෙදා ගන්නා බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත. 24 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති මතය කඩිනමින් ඉල්ලයි එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ගැන නීතිපති මතය හැකි ඉක්මනින් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාට ලිපියක් යවමින් අද (24) යළි සිහි කැඳවීමක් කර ඇත. 24 July 2018
කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න සීඅයිඩිය ඕස්ට්‍රේලියාවට පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. 24 July 2018
ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රශ්නයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට දින 30 ක් පාර්ලිමේන්තුව තහනම් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින් අද (24) එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළහ. 24 July 2018
පොලිසිය යාපනයට ගොස් විජයකලාගෙන් ප්‍රශ්න කරයි එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 24 July 2018
දිස්ත්‍රික් 12ක ලක්ෂයට අඩු ණය කපා හැරේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවක් විසින් ක්ෂුද්රමූල්ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපාහැරීමට කැබිනට් මණ්ඩලය අද (24) තීන්දු කර තිබේ. 24 July 2018
කෝටි හතරක රන් කල්පිටියෙන් අල්ලයි මුහුදු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි හතරකට වැඩි වටිනා රත්රන් කිලෝ ග්‍රෑම් 5.7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය කිඹුල්බොක්ක මුහුදේදී අද (24) සවස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. 24 July 2018
දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ මෙම සියවසේ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දින (27) රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසයි. 24 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026