(තිළිණි ද සිල්වා)
දකුණු අප‍්‍රිකා ජනාධිපති සිරිල් රැම්ෆෝසා මහතා අද (26) දින කෙටි සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
වෙනත් රටක නිල සංචාරයකට යන අතරවාරයේදී මෙරටට පැමිණෙන දකුණු අප‍්‍රිකා ජනාධිපතිවරයා අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පමණක් රැඳී සිටින අතර ඔහු පිළිගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්වීමටද නියමිතය.
එහිදී හෙතෙම මෙරට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම හමුවේ දකුණු අප‍්‍රිකා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙරටේ ද්විපාර්ශික කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද පරිවාරක?
මෙයාගෙයි, අපේ ජනාධිපතිලගෙයි කිසිම වෙනසක් නැහැ. දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් සවාරි ගහනවා. රටවල් දෙකේම ජනතාව මේවගේ... ඔවුන් නිසා දුක් විඳිනවා. පිළිගන්නවා වෙනුවට උසි ගන්වන්න ඕනෑ..