(තිලිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයා අද ( 26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මෙම එකඟත්වය පළ කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම අභියාචන පෙත්සම බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රීතී පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකළහ. එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කෙරිණි. එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි මෙම අභියාචන පෙත්සම මඟින් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෙගා නාටකයක්...
රටේ අනාගත ජනාධිපති. සමාජයේදී ඔය චෝදනා ඉවත දාන්න අපි එකසිතින්ම එකඟයි. උසාවියෙත් එහෙම උනොත් හොඳයි.
නඩුව අහන එක නවත්වන්න කරන උත්සාහය, ගේම දෙනකොට හිතුනේ නැහැ නේද??? පවු කියලත් හිතෙනවා. මොනවා උනත් ජනාධිපති අපේක්ෂකයෙක්නේ..!!
වැරැද්දක් කරලා නැතිනම් මොකද මෙච්චර ඇඹරෙන්නේ? හැකි ඉක්මණින් නිර්දෝෂි වී ජනතාව ඉදිරියට ඒම නේද කළ යුතු වන්නේ?
මොකක්ද සංශෝධන? සාමාන්‍ය මිනිස්සුන්ටත් එහෙමද ගරු අධිකරණය කටයුතු කරන්නේ..?
මෙසේ ඇඹරි ඇඹරි කල් මැරීමට මෙතරම් වෙහෙසෙන්නේ අවස්තාව උදාවන තෙක් සිට කෙසේ හෝ බලය අත් පත් කරගෙන , පෙර කළ වැරදි වෙනුවෙන් පවරා ඇති නඩු යට ගසා, අහෝසි කිරීමටනේ දැයි පැහැදිලිය. තමා නිර්දෝෂී නම් එඩිතරව මුහුණ දී ඒ බව ඔප්පු කලොත් නම් ජනපති සටනේ දී මනාප නිසැකවම ලැබෙනු ඇතැ යි සිතිය හැක.
නීතිපති, ගරු අධිකරණය, ත‍්‍රිපුද්ගල අධිකරණය ඔය ඕනේ තැනකින් සංශෝදන බැරිනම් ඕනේ දෙයක් කරලා බේරෙන්න පුළුවන්. ඕනේ නම් මෙයාට ජනාධිපති වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව, මනුනීතියට අනුව ගැලවීමක් නෑ.