( අජන්ත කුමාර අගලකඩ)
අප්‍රේල් 21 වැනිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු අරලියගහමන්දිරයේදී අධ්‍යක්ෂණය කර පාර්ලිමේන්තුවේදී රඟ දක්වන නාට්‍යක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කලින් දින පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පුහුණුවීම් සිදු කර පසුදා පාර්ලිමේන්තුවේදී එය රඟ දක්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ පිස්සුව උත්සන්න වෙලා වගෙයි...
2018 ඔක්තොබෙර් නාටකය වගේමද ? දැන් පාර්ලිමේන්තුව නාට්‍ය හා කල රංග ආයතනයක් කරලද ?
ඔබ මේ රටේ ජනාධිපති තනතුරම නාට්‍යයක් කලා.... ඔබේ වැරදි හෙළිවෙනකොට කාරක සභාව නාට්‍යක් උනාද?
අපිත් මේ බලබල ඉන්නේ අලි බබාගෙයි ... හොරු 225 ගේ නාටකය තමයි...
හත්දෙයියනේ... මේ සෙල්ලම් කරන්නේ අහිංසක ජනතාව එක්ක නේද? ජනාධිපතිතුමා කියනවා නම් තවත් කතා මොකටද...?
මොන්ටිසෝරි ළමයෙක් වගේ...
ඔයාගෙ ජනාධිපති කම ඊටත් වඩා මගඩි නාටකයක්...
තව මාස හතරයිනේ ඉතුරු... ඉන්නකල් මොනවා හරි කිය කියා ඉන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කරලම යනවා. මොනවටද නිර්පාක්ෂිකයා කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තේ..?
අපි ගොඩක් දේ දැනගත්තා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නිසා...
ඔබ මුළු රටම නාටකයක් බවට පත්කලා. දැන් ඉතිරිව ඇත්තේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ හුස්මටික විතරයි. යන්න ඉස්සෙල්ල එකත් ඉවර කරලම ගියානම් හොඳයි....
ඝාතන කුමන්ත්‍රණ නාටකයේ තත්වය කුමක්ද?
බොරු වෙස් මුහුණු බැඳගත්ත ලොකුම නැට්ටුවා?
ඔයා දැන් මුලුරටටම විහිළු කාරයෙක් වෙලා.
ඔක්තෝබර් 26 වෙනිදා කරපු පුහුණුවීම වගේ එකක්ද ජනාධිපතිතුමනි?
කිසිම රජයක තනතුරු නොදිය යුතු කෙනෙක්... ජනාධිපති වෙන්න කලින් ප්‍රයෝජනවත් මොනවද කලේ කියලා හිතා ගන්නත් බැහැ. රටට හරි යන කෙනෙක් පත් කරගන්න අපි පෙලගැසෙමු.. බොරුවලට නොරැවටෙමු. අපට කණගාටු රට පල්ලම් බස්සපු මේ නුවණ අඩු මිනිස්සු ගැන... හෘද සාක්ෂියට එකඟව මේ කෙනා මේ දේවලට මූලික වගකීම ගන්නම ඕනෑ.
මේක විහිළුවක් නොවේ