(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහනක් සිදු කෙරේ.
සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය ඇතිව එළැඹෙන ජූනි 28 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී මෙම වැඩසටහනෙහි සමාරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් හොඳ ක්‍රියාවකි. පමාවී හෝ මේ තත්වය ඇති කිරීම අගය කල හැක. හමුදා මැදිහත් වීමක් හෝ ලබාදී අඛණ්ඩ සේවාවක් මහජනයාට ලබාදීමට කටයුතු කරන්න.
වර්ජකයින්ගේ අසාධාරණ ඉල්ලීම් වලට බියනොවී පෙරට එන්න. දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි.
කරනවානම් හොද වැඩක්, වර්ජනය කරන සියලුම නිලධාරීන් නිල නිවෙස් වලින් වහා ඉවත් කිරීමට හැකිවන නීති පැනවීම ද කියාත්මක කරනු
ඊට වැඩිය හොඳ නැද්ද.. මේ කඩාකප්පල්කාරයන් ගෙදර ඇරියා නම් ... " දියව්..දියව් ...අපිට දියව් " මුන් ඉන්නකන් මුන්, අපේ රටට ලොකු ආර්ථික තර්ජනයක්..!