(කාංචන කුමාර ආරියදාස)
ලෝකයේම මිනිසුන් ජීවත් කරවනු ලබන්නේ පරිසරය සහ මහපොළොව බවත්, මිනිසෙකු මිය යෑමෙන් පසු මහපොළොවට ගෞරව කිරීම සහ දානය පිණිස මළ සිරුර භූමදානය කළත් වර්තමානයේ එම සිරුර පුළුස්සා වා තලයට විස බීජ එක් කරන සමාජයක් උදාවී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.
‘රකිමු සොබා‘ නමින් කොස් පැළ දස දහසක් රෝපණය කිරීමේ උත්සවයක් දඹුල්ල ඉබ්බන්කටුව (rancrisp) නැමති පෞද්ගලික ආයතනය විසින් ආරම්භ කළ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අද (26) පැවැති උත්සවයකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ එසේ සඳහන් කළහ.
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවවලට තමන් ද සහභාගී වී තිබෙන බවත් එම උත්සව විශාල මුදල් වියදම් කර අවසානයේ දී කිසිදු ප්‍රතිඵලයක් නොමැති උත්සව බවද හෙතෙම සඳහන් කළේය. ගංවතුර ගැලීම, නායයෑම, අකුණු ගැසීම ආදී ස්වාභාවික විපත්වලදී සෑම රජයක්ම කරනු ලබන්නේ විපතට පත් ජනතාවට ආධාර ලබාදීම විනා ඒවා ඇතිවෙන හේතුවට ප්‍රතිකාර නොකිරීම බවත් එහීදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ මෙසේද කීහ
"එදා විදේශිකයන් පැමිණ මේ රටේ කිතුල් ගස, ගංජා ගස විනාශ කළා වගේම මේ රටට දැවැන්ත පරිසරයට සතා සිවුපාවට මිනිස්සුන්ට මහපොළොවට සහයෝගයක් ලබා දුන් මී ගස ද විනාශ කළා. මේ රටේ මිනිසුන්ගේ ආසාවයි තණ්හාවයි තරගයයි නිසා මහා පරිසර විනාශයක් වෙනවා. එය නැවතුණේ නැත්නම් සියලු දෙනාට විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවෙනවා. රටේ ජීවත්වෙන සෑම අයෙකුම පරිසරයට ණය ගැතියි. ඉපදුණ දවසේ ඉඳලා මියයන දක්වාම මිනිසුන් ජීවත් කරවන්නේ පරිසරය නමුත් එය බොහෝ දෙනකුට අමතක වෙලා.
අම්මලා, තාත්තලා ජීවත්වෙන්න උදව් කරන එකට වගේම හුස්ම ගැනීම සඳහා පරිසරය ගහකොළ විශාල දායකත්වයක් ලබාදෙනවා. පරිසරයට ණය ගෙවන්න ඇත්තේ ක්‍රම දෙකයි. පළමු ක්‍රමය මිය ගිය පසු මළ සිරුර භූමදානය කළ යුතුයි. භූම දානය යන වචනයේ තේරුම බවට පත්වෙන්නේ තමාට ජීවත්වීමට උදව් කළ මහපොළොව ගහකොළට දිරා යන සිරුර මිහිදන් කර එහි සාරෙන් ගහකොළට වැඩෙන්නට දානය දෙන්න ඕනි කියන එක. නමුත් වර්තමානයේදී එය ද සිදු නොකර බොහෝ දෙනෙකු මියගිය පසු මළ සිරුර පුළුස්සා වාතලයට විෂ වායුවක් එකතු කරනවා.
දෙවැනි කාරණාව බවට පත් වෙන්නේ ජීවත්ව සිටින කාලයේ මහපොළොවට පරිසරයට ගහක් කොළක් සිටුවීමයි. පරිසරයේ ගස් කොළ කපා දමා මුදල් හම්බ කර අවසානයේදී හුස්ම ගන්නට නොහැකි වුණොත් මුදල් ආහාර බවට ගන්න පුළුවන්ද?‘
ඌරුවරිගෙ වන්නිල ඇත්තන් අතින් ජනතාවට නොමිලේ කොස් පැළ බෙදා දීම සහ කොස් පැළ සිටුවීමේ ක්‍රියාවලියක් ද සිදු කෙරිණි. මෙම කොස් පැළ සිටුවීමෙන් පසු එහි පසු විපරමක් ලෙස තාක්ෂණය උපයෝගී කරගෙන මාසෙන් මාසයට එහි වැඩීම පිළිබඳව දත්ත එක්රැස් කිරීම ද මෙම ආයතනය මගින් කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ .. මහත්මයෙකුට .. අඩුම ගානේ .. " වනසංරක්ෂණ ඇමැතිදුරය " ලබා දීම අපේ යුතුකමක් ..!
ජනාධිපතිකමටත් සුදුසුයි. මේ බිමේ නියම උරුමක්කාරයන්...
මෙතුමාගෙන් නූතන අපට ඉගෙනීමට බොහෝ දේ ඇත. මාධ්‍ය එම මෙහෙවරට පිවිසිය යුතුය.
අපේ " පාර්ලිමේන්තුවේ " ඉන්න හුඟාක් " පොල් ගොබ්බයින්ගේ " දිහා බලනකොට.. ඔබතුමා වනාන්තරයේ ජීවත්වෙන "බුද්ධිමතෙක්" .
සහතික ඇත්ත සුද්ද ඇවිල්ල අපේ ගංජා ගස සහ කිතුල් ගස විනාශ කරලා අපේ මිනිහට උන්ගේ අරක්කු සිගරට් පුරුදු කලා. අපේ කළු සුද්ද උන්ගේ නීතිය කරේ තියාගෙන සිංහල කම විනාශ කලා.
"මහපොළොවට ගෞරව කිරීම සහ දානය පිණිස මළ සිරුර භූමදානය කළත් වර්තමානයේ එම සිරුර පුළුස්සා වාතලයට විෂබීජ එක් කරන සමාජයක්" විශිෂ්ට කියමනක්...
විශිෂ්ට කතාවක්
මෙතුමාගේ කථාවේ "පොජ්ජ" කෑල්ල කියලා නැත්තේ ඇයි?
රවී ඔබගේ මුඛයට මසුරන් දැමිය යුතු අදහස් සඳහන් කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. ඇත්තෙන්ම දියවන්නා ඔයේ ඉන්න රිලව් 225ට එසේ කීමත් රිලවුන්ට කරන අපහාසයකි. ඒ තරමට පහත් තිරිසන් ජාතියකි.
මොන තරම් රත්රන් වචන වලින් ද ඔහු පරිසරය ගැන විග්රහ කලේ. ඡයවේවා! මෙවැනි උසස් ආකල්පයන් රට දෙස වර්තමාන පාලකයන් දසිතා බැලිය යුතුය. එතුමා අපේ රට හා ආගම ගැන දක්වන උනන්දුව ඉතාමත්ම අගය කරමි. එතුමාට මාගේ අවංක ආදරය පලකරමි.
යහපත් සිතුවිලි ඇති මනුස්සයෙක්... ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්.. නමුත් අතීතයේ ලංකාවේ ඇපල්, බිබිලේ දොඩම්වලට කළා වගේ මේකත් ලංකාවේ කොස්ගහත් ඇදවෙලා යන වැඩක්ද දන්නේ නැහැ. වන්නිලැ ඇත්තන්ව මාර්කටින් කරලා ඇත්තටම කරන්නේ මොකක්ද කියලා බලධාරීන් සොයාබැලිය යුතුයි. සමහරවිට ජාන විකෘති කරන කොස් පැළ වෙන්නත් පුළුවන්. අද කාලේ වෙන හැමදෙයක් ගැනම සූක්ෂමව බලන්න වෙනවා.. ඒකට සමාවෙන්න ඕනේ. නිකන් දුන්නු පලියට හිටවන්නේ නැතිව.
ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් නිසා ගරු කරනවා. නමුත් භූමදානය කලත් සිරුර පුළුස්සා දැමුවත් මිනිස් සිරුරකින් පරිසරයට එක් කරන කාබන් ප්‍රමාණය එක සමානයි. එ් නිසා මොන ආකාරයකට කලත් අපි පරිසරයට වෙනසක් නෑ. නමුත් කාලයත් සමග ලෝකයේ ඉඩ කඩම් අඩුවන නිසා, ආදාහනය කිරීම වඩා සුදුසුය. අදහසක් පමණි, චෝදනාවක් නොවේ...
සෑම වචනයක්ම හදවතින් සහ අර්ථයක් ඇතිව ලංකාවේ නායකයෙක් කියනවා සැහෙන කාලෙකින් ඇහුවමි. ඔබ තුමා වටිනා සම්පතක්.
මේ වගේ මහත්මයෙකුට අඩුම ගානේ.. " වනසංරක්ෂණ ඇමැතිධුරය" ලබා දීම අපේ යුතුකමක් ..! එ්ක වෙන්න පුළුවන්.. ! ඒ වුණත් ඒ පුටුවේ දැනට වැජඹෙන කෝළම එතැනින් ඉවත් කරගන්න බැරි වුනොත් මාර අප්සට් එකනේ වෙන්නේ..!