(නිමන්ති රණසිංහ)
පාතාල නායක මාකදුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රදවා සිටින පාතාල කි‍්‍රයාකාරිකයකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා අධිකරණ නිරීක්ෂණය සදහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය හමුවට අද (26) ඉදිරිපත් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් දින 90ක රැදවුම් නියොගයත් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරු මහේස්ත‍්‍රාත් නිරීක්ෂණය සදහා එලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ තෙවැනි වරටය.
මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාය.
මෙම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වූ මොහොමඞ් ෆවුස් මොහොමඞ් අස්මි හෙවත් ‘පුල්ලේ පලම් අජිමි’ සහ අබුබකර් මොහොමඩ් බදුර්දීන් නැමැත්තන් සම්බන්ධයෙන් වූ අධිකරණ නිරීක්ෂණය ලබන ජුලි මස 17 වැනිදාට කල් තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන් .. කියන ජාතිය විනාශකරපු තවත් මුස්ලිම් ජාතිකයෙක්.. හෙරෝයින් කියන දෙය " ත්රස්තවාදයේ " පෙරමුණ දරන තවත් භයානක ආයුධයක් .!!!