නීතිවිරෝධී මත්ද්‍රව්‍ය දෙවසරකින් රටින් අතුගා දානවා
දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති සැලැස්ම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ඉදිරි දෙවසර තුළ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හැකි බවට එම අංශ විශ්වාසයක් ඇතිකරගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.