සීගිරි චිත්‍ර - කුරුටු ගී ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත් කරයි
ලෝක උරුමයක් වූ සීගිරියේ ඇති බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්රතිරූප බවට පත්කිරීමට වැඩ පිළිවෙළක් මේ දිනවල ආරම්භ කොට ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්ව විද්‍යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.