ආනයන සීමා කළ හැකි භාණ්ඩ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමාකළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. 16 October 2018
ඉන්ධන මිල ඉහළ යද්දී විදුලි ඇමැතිට විදුලිසැර වදී ඉන්ධන මිල සුත්‍රය හමුවේ ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යන බැවින්, විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කර ගැනීම සඳහා සහනයක් සලසන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉල්ලීමක් කර ඇත. 16 October 2018
බෞද්ධ කළමනාකරණයෙන් ලාභ උපයන්න බෞද්ධ ඉගැන්වීම්වල තිබෙන ‘බෞද්ධ කළමනාකරණය’ අනුගමනය කරන ලොව පුරා සමාගම් පිරිසිදු වාර්තාවක් තබා ගන්නා අතරවාරයේ දී ලාභ ඉපැයීමට ද සමත්ව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (16) පැවැසීය. 16 October 2018
ඉංජිනේරුවරයා දොස්තරගෙන් කෝටි 4ක වන්දි ඉල්ලයි රූපලාවන්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට පැමිණි තම වෛද්‍ය බිරිඳ එම ස්ථානයේදී මියයෑමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 4ක මුදලක් එම රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍යවරයාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත. 16 October 2018
‘අලි රොෂාන්’ ඇතුළු 7 කට සිතාසි කූට ලේඛන සකස් කර, බලපත්‍ර රහිතව අලි ඇතුන් සන්තකයේ තබා ගත්තැයි කියන සිද්ධියට අදාළව ලබන 26 වැනිදා විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් කොළඹ මහාධිකරණය චුදිතයින් 7 දෙනෙකුට එරෙහිව සිතාසි නිකුත් කර ඇත. 16 October 2018
නාවලපිටි මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි නාවලපිටිය ප්‍රදේශයට අද (16) පස්වරුවේ ඇදහැලුණු අධික වැසි සමඟ ප්‍රධාන මාර්ගයේ අභියස ගාල්කර තිබු ලොරි රථයක් මතට අත්තක් සහ විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 16 October 2018
හෙරොයින් පැකට් කළ දෙදෙනෙක්ට මරණ දඬුවම හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය. 16 October 2018
නාලක සිල්වා 18 යළි රහස් පොලිසියට කැඳවයි තම දරුවකුට අසනීපවී ඇතැයි කියමින් අද රහස් පොලිසියට නොපැමිණි ත්‍රස්ත විමර්ශන අංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 18 වැනි දා යළිත් වරක් රහස් පොලිසියට කැඳවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 16 October 2018
පළාත් රැසකට මිලිමීටර 100 ක තද වැසි සමඟ සුළං ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම,ඌව,සබරගමුව,උතුරු නැගෙනහිර,වයඹ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2018
නිව්වැලිගම තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය. 16 October 2018
පන්දාහේ නෝට්ටු අවලංගු කරන්නැයි යෝජනාවක් රටේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (16) පැවසීය. 16 October 2018
යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති. 16 October 2018
ගිහිකළ නමට ගත් රියදුරු බලපත්‍රය වෙනුවට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නැයි නියෝග නැගෙනහිර පළාතෙ මාවඩිචේන, කල්ලඅඩි, පාෂාණ පාෂාණබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් පැවිදිවීමට පෙර ගිහිකළ නමට ලබාගත් රියදුරු බලපත්‍රය වලංගු එකක්ද යන්න මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන ලෙසත් එතෙක් එකී බලපත්‍රය වෙනුවට තාවකලික රියදුරු බලපත්‍රයක් උන්වහන්සේ වෙත නිකුත් කරන ලෙසත් මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් ෂරීෆ් මොහොමඞ් සම්සුදීන් මහතා මුතූර් පොලීසියට නියෝග කළේය. 16 October 2018
ලක්ෂ 60ක කප්පම් ඉල්ලු සිසුන් දෙදෙනෙකු 23 දක්වා රිමාන්ඩ් පිරිමියෙකුගෙන් සහ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ හැටක කප්පම් ඉල්ලූ බවට චෝදනාලත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ ළමයි දෙදෙනෙක් මේ මස 23දින තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (16) සවස නියෝග කළාය. 16 October 2018
අග්නිදිග සරසවි භූමියෙන් ඉවත්වන්නැයි දෙමාපියන්ට නියෝග අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ විරෝධතාවක නියැලී සිටින එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් සහ දෙමාපියන්ට වහාම විශ්ව විද්‍යාල භූමියෙන් පිටව යන ලෙස අක්කරේපත්තු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 16 October 2018
අයවැයට සහන දෙන තීරණය ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ 2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. 16 October 2018
ඩී.අයි.ජී. නාලක රහස් පොලිසියට නොයයි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. 16 October 2018
පොලිස් නිලධාරියාට මරු කැඳවු වෛද්‍යවරිය යළි රිමාන්ඩ් මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම ඇතුළු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කළැයි 16 October 2018
නිව්වැලිගමට විකල්ප මාර්ගයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් විකල්ප තාවකාලික මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කේ. ඩී. බී. ආර්. දේවප්‍රිය මහතා පැවසීය. 16 October 2018
ෆේස්බුක් මත්කුඩු සාදයක් වටලයි මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියෝ 35 දෙනෙක් රත්නපුර පොලිසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත. 16 October 2018
අද්මිරාල් රවීන්ද්‍රට තව තනතුරක් දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇත. ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරවය. 16 October 2018
මහාචාර්ය අමරා රණතුංග සමුගනී ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි. 16 October 2018
ඩීඅයිජී නාලක අද සී.අයි.ඩියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 16 October 2018
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ. 16 October 2018
බැදුම්කර සිද්ධිය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර රැසක් ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 15 October 2018
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිට තායිලන්තයෙන් සම්මානයක් ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමිපාණන් වහන්සේ හට තායිලන්ත රජය විසින් පිරිනමන ලද “සියම් රාජ සම්මානය“ නිල වශයෙන් නාහිමියන්ට ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) මහනුවර අස්ගිරි චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී සිදුවූහ. 15 October 2018
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් හෙට රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී හෙට (16) රාත්‍රී 7.00ට පැවැත්වේ. 15 October 2018
රුපියලේ අගය ඉහළට දින ගණනාවකට පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ ගියේය. 15 October 2018
රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි අසූවක් උසැති ජලටැංකිය මත නැග උපවාසයක් ආරම්භ කළේය. 15 October 2018
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 October 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026