අල්ලස් ගත්තැයි කී පොලිස් සැරයන් ඇප මත නිදහස්
චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම නැවැත්වීමට යැයි පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් සැරයන්වරයාව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (11) නියෝග කළාය.