පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 71 ක්
පෞද්ගලික බලාගාර දෙකකින් මෙගාවොට් 71 ක් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. එස්. පවර් සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 51 ක් ද , එස්. පවර් මාතර බලාගාරයෙන් මෙගාවොට් 20 ක් ද වශයෙන් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර තිබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.