බැංකු පොලී අනුපාතික සියයට 2කින් පහළට සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 10 April 2019
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට පැමිණි පුවත්පත් කතුවරු හැරී යති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උළෙලට පැමිණි දිවයිනේ ජාතික පුවත්පත් කිහිපයකම කතෘවරුන්ට ආසන ලබා නොදීම නිසා ඔවුන් එම අවස්ථාවට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබේ. 10 April 2019
අරාබිය - හොං කොං - එංගලන්තය එක්ව ශ්‍රී ලංකාවට විදුලිය විකුණයි එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ 10 April 2019
ඩුබායි රටින් පිටුවහල් කළ තවත් අයෙක් රිමාන්ඩ් ඩුබායි රටින් පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (10) නියම කළේය. 10 April 2019
ආරක්ෂකයා සපා කා බලෙන් ඇතුළු වෙන්න හදලා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු විසින් එහි රාජකාරියේ නියුක්තව සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු සපා කෑම නිසා තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. 10 April 2019
වර්ජනය තිබියදීත් මාර්ගවල බස් දුවයි පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (10) පැවැතිය ද බොහෝ මාර්ගයන් හි මේ වන විට බස් ධාවනය සිදු වේ. 10 April 2019
විදුලි අර්බුදයට විසඳුම් සොයන්න අගමැති ප්‍රධාන කමිටුවක් වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් හා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 10 April 2019
දකුණු සබේ නිල කාලය අවසන් දකුණු පළාත් සභාවේ නිල කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 10 April 2019
වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක් ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ. 09 April 2019
විදුලි වෘත්තීය සමිති යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ චක්‍රලේඛය නීති විරෝධි බවට අධිකරණ තීන්දුවක් පවා ලබා දී තිබියදී කැබිනට් පත්‍රිකාවක් මගින් එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමේ උත්සාහයක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (29) පැවැසීය. 09 April 2019
දුම්රිය වර්ජනය අත්හිටුවයි අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 09 April 2019
මාදුරුඔය ජලාශයේ පාවෙන විදුලි බලාගාරයක් මාදුරුඔය ජලාශයේ පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 09 April 2019
පළාත් සභා පමාවට හේතුව පාර්ලිමේන්තු උගුලක් පාර්ලිමේන්තුව සම්මත කරන පනතකින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි නමුත් ඊට කිසිදු දේශපාලන පක්ෂයක් කැමැති නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කීය. 09 April 2019
විදුලි කප්පාදුව හෙටින් අවසන් දැනට සිදුවන විදුලි කප්පාදුව හෙටින් (10) පසු අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 09 April 2019
කඩා වැටුණු තාප්පයකට යටවී දෘශ්‍යාබාධිතයින් 11 දෙනෙකු රෝහලේ බසයක ගැටී කඩා වැටුණු තාප්පයකට යටවි අද (9) පස්වරු සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලද දෘශ්‍යාබාධිතයින් 11 දෙනෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය කියයි. 09 April 2019
බන්ධනාගාරයට වෙන්කළ මුදලින් තුන්කාලක්ම ආපසු යවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ වෙන්කළ මුදලින් 77%ක්ම වියදම් නොකර ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් බන්ධනාගාර මූලස්ථානයේ ඉකුත් දා කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වී තිබේ. 09 April 2019
ඩුබායි සිට එවූ පාතාල සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි ඩුබායි රටෙන් පිටුවහල් කිරීමෙන් පසු ලංකාවේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයකු වු මොහොමඩ් ෆයිසාර් නැමැත්තා හෙට (10 ) දක්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ ර ඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.බී. නෙළුම්දෙණිය මහතා අද (09) අවසර දුන්නේය. 09 April 2019
බස්නායක නිලමේවරුන්ගේ මුල් පුටුව හීන්කෙන්දට මහනුවර නාථ දේවළයේ බස්නායක නිළමේ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්විය 09 April 2019
බෝලයක් වූ බෝම්බය පුපුරා දරුවකුට තුවාල යාපනය, පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක තිබූ බෝම්බයක් ගෙන බෝලයක් යැයි සිතා සෙල්ලම් කරමින් සිටි පාසල් දරුවෙකු බෝම්බය පුපුරා යාමෙන් අද (09) බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි. 09 April 2019
විදුලිබල මණ්ඩලයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල්යයි නොදන්වා විදුලි කප්පාදුවක් සිදුකර ඒ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමට තොරතුරු ලබා නොදුන්නැයි කියමින් එම කොමිසම විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (9) නියෝග කළේය. 09 April 2019
අද රෑ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් පෞද්ගලික බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. 09 April 2019
පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 09 April 2019
කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ප්‍රකාශ කළේය. 09 April 2019
ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරයට ගෙන සිටි දෙදෙනාගෙන් මොහොමඞ් මුෆාර් මොහොමඞ් ජබීර් (30) නැමැත්තා අද (9) මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 09 April 2019
මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 09 April 2019
කෝටියක මත්පැන්, දුම්වැටි සමඟ චීන කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට නීතිවිරෝධීව අලෙවි කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුක් විදෙස් රටක නිෂ්පාදිත මත්පැන්, දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් සහ පුද්ගලයකු කොල්ලුපිටියේ චීන අවන්හලකදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 09 April 2019
වියළි කාලගුණයෙන් ලක්ෂ 4කට වැඩි පිරිසක් පීඩාවට දිවයිනේ පළාත් 8ක දිස්ත්‍රික්ක 14කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 99,226කට අයත් පුද්ගලයින් 4,07,672 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 April 2019
පළාත් තුනකට මි.මී.100 ඉක්මවූ තද වැසි ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශයන්ට අද (9) සවස් කාලයේ දී මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 April 2019
කෘෂිකර්ම නව ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් වල අඩුවක් ගොවිජන මන්දිරය අතහැර දමා කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ලට පැමිණියද එම ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් අඩුවක් තිබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය. 08 April 2019
ඝෝෂාකාරී නළා භාවිතා කරන රියදුරන්ට ජූලි පළමුදා සිට දැඩි නීති රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 April 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026