
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ.
වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා කෑගල්ල, ගලිගමුව, කුරුණෑගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ, 1941 වසරේ නොවැම්බර් 06 වැනිදින පැවිදි දිවියට පත්වූහ.
වර්ෂ 1950 ක්වූ ජුනි මස 22 වැනිදා මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද උන්වහන්සේ ලොව පුරා ධර්ම ප්රචාරක කටයුතුවල යෙදීමෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළහ. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් විහාරස්ථාන ඉදිකිරීමෙහිලා උන්වහන්සේ පුරෝගාමී වූහ.
අපවත් වන විට උන්වහන්සේ ඇමෙරිකාවේ නිව්යෝක් විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූහ.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 17වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 10.30 ට ඇස්ටෝරියා බුලවාඞ් ඕසෝල් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සුව අත්වේවා
ඇමරිකා ජනාධිපත් ට්‍රම්පුත් ඒවි නේද අවමගුලට.
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !
ඇමෙරිකාවේ දීර්ඝ කාලයක් ධර්ම ප්රචාරක සේවයෙහි යෙදීසිටිමින් පිවිතුරු ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසාත් එරට පදිංචි බොදුනුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසාත් අනුපමේය සේවයක් ඉටුකළ උතුම් සඟරුවනක්. උන්වහන්සේට නිවන්සුව ප්‍රර්ථනා කරමු.
මහා නායක හිමියන්ට නිවන් සුව පතමි..... එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව ...!!! රොහාන් දයාදර පැරිස් .
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!!
ඔබ වන්හන්සේට උතුම් අමා මහා නිවන් සුවය ලැබේවා!
නායක ස්වාමින් වහන්සේ වගේ ධර්මදර, විනයධර භික්ෂුන් වහන්සේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේට පසුව බිහි උනු භික්ෂුවක්. උන්වහන්සේට සම කිරීමට ඇමරිකාවේ තබා ලෝකයේ කිසිම භික්ෂුවක් නැති බව මට ගලිගමුවේ මගේ මිත්‍රයෙක් සානුකම්පිතව ප්‍රකාශ කළා. මටත් උන්වහන්සේ හමුවෙලා තියනවා. උන්වහන්සේ සමග කතා කරනකොට ඇතිවන සංවේදීභාවය කියල නිම කරන්න බැහැ. ඔබ වහන්සේට පිවිතුරු නිවන් සම්පත්තිය ලැබේවා!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!!
ඔබ වහන්සේට නිවන් සුව! ඔබ වහන්සේ පොල්ගහවෙල මහා විද්‍යාලයේදී අපට බුද්ධාගම ඉගැන්වූ හැටි මතකයට එනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහ හදින්ම බුදු දහමට නැඹුරු ඔබවහන්සේලාට නිවන් සුව!
ආනන්ද විද්‍යාලයේදී උන්වහන්සේගේ සිසුවෙක් වී බුදු දහම උගත්තෙමි.ඉතාම චිත්තාකර්ශනීය රූපයක් සහ චවි වර්නයෙන් යුක්තවූ උන්වහන්සේ ඉතාම කරුණාවන්ත ගුරුවරයෙක් විය.අතිගරු සංඝනායක කුරුනෑගොඩ පියතිස්ස නාහිමිපානන්ට නිවන් සුව අත් වේවායි පතමි.
කරගත්තාවූ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේට නිර්වාන සුවය සාක්ෂාත් කරගැනීමට මතු භවයකදී හැකියාව ලැබේවා. මට හිතාගන්න අමාරු ගොඩක් අය නිවන් සුව අත්වේවා කියල කමෙන්ට් කරනකොට ඒවාට සමහර අය ධිස්ල්යික් කරන්නේ ඇයි කියල.
මම මෙපමණ කලක් සිතාගෙන සිටියේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය දැරුවේ වල්පොල පියනන්ද හාමුදුරරවෝ කියලයි. ඇමෙරිකාවෙත් නිකාය තිබෙනවද?
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා!
නිවන් සුව අත්වේවා!
සුමන, ඇමෙරිකන් ජනාධිපති ඒවිද අහන්නේ නොදන්නාකමටද?