( ඉන්දික අරුණ කුමාර)
ලග්ගල- කළුගඟ ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම සමාගමක නේවාසිකාගාර කාමරයක් තුළ රහසිගතව යාන්ත්‍රික දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය චීන ජාතිකයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවීමට නාඋල මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා නියෝග කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කර තිබිණි.
මහේස්ත්‍රාත්වරයා චින ජාතිකයා සතුව තිබු සියලුම යාන්ත්‍රික උපකරණ හා දැව රාජසන්තක කිරීමට නියෝග කළේය.
ලග්ගල වන සංරක්ෂක නිලධාරීන් හා ලග්ගල පොලිසියේ නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකාර චීන ජාතිකයා සන්තකයේ තිබී කළුවර,බුරුත,නැඳුන්,කොතල හිඹුටු වැනි වටිනා දැව කැබලි රැසක් ,දැව සැකසුම් යාන්ත්‍රික උපකරණ කීපයක්, දැවයෙන් නිමා කල ගෝලාකාර හැඩයෙන් යුත් සැකසුම් කීපයක් වැටලීම් කණ්ඩායම විසින් සොයාගනු ලැබුහ.
ලග්ගල වන අඩවි නිලධාරී පි.ජි.එස්.තිසේරා,බිට්ටු වන නිලධරි එස්.එදිරිසිංහ,වන ක්ෂේත්‍ර සහකාර සුරංග විජේරත්න හා ලග්ගල පොලිසියේ නිලධාරි ඇතුළු කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවේ නැද්ද වල්ලපට්ටා එහෙම තියනවාද කියලා. ලෙහෙසියෙන් අරගෙන යන්න.
25,000 ක් දඩ ගහලා නිදහස් කලාද රටින් පිටුවහල් කලාද ?? චීනේදී ලංකාවේ කෙනෙක් එහෙම මේ වගේ දෙයක් කරලා අහු වුනොත් මොන වගේ දඩුවමක් ලැබෙයි ද ?? රාජ සන්තක කලාම ඒ මිනිහා ආයෙමත් උපකරණ ගෙන්නා ගනීවි . පස්සේ ආයෙමත් ඒ වැඩේම කරාවි .. මොකෝ ඉතින් 25,000ක් කියන්නේ මහා ලොකු මුදලක් නෙමෙයි නේ ... චීන්නු තව මොන මොනවා කරනවා ඇතිද .... මහින්දලාට පින් සිද්ද වෙන්න ...
වහාම රටින් පිටුවහල් කළ යුතුයි. නැවත නොපැමිණෙන පරිදි අසාදු ලේඛන ගතකරන්න.
ඒ මනුස්සය ඔය ලී මඩුවලින් අහකදාන පොඩි දැව කෑලි ටිකක් ගෙනත් කුඩා කැටයම් බඩු ටිකක් හදන්න ඇති. ස්වයන් රැකියාවක් විදියට.
චීන නෙවසිකගරවල කෘතීම මත්ද්‍රවය පෙතිවර්ග නිපදවන යන්ත්‍ර පවා තිබෙන්නට පුළුවන ලෝකයේ දියුණු රටවලටත් මොවුන් මත්ද්‍රවය පෙතිවර්ග නිපදවන යන්ත්‍ර ගෙන්වා මහාපරිමාණ මත්ද්‍රවය වියාපාර පවත්වාගෙන ගොස් අසුවූ අවස්ථා ඕනෑතරම් තිබේ
පරිසරයට කිසිම ආදරයක් නැති ජාතියක්!