ගාල්ලේ රාජ්ය නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අවලංගුකිරීමට යයි
ගාල්ල දිස්ත්රික්කයේ ලියාපදිංචි රාජ්ය නොවන සංවිධාන 70කින් ක්රියාකාරී සැලසුම් ලබාදී නොමැති, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලට සහභාගී නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් රාජ්ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බව ගාල්ල සහකාර දිස්ත්රික් ලේකම් එම්. එම්. එම්. ශරෆාස් මහතා පැවසීය.